Header

Sri Lanka Army

Defender of the Nation

04th June 2021 17:01:22 Hours

ලයා සෆාරි යලිත් වරක් Booking.com සංචාරක සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් මෙහෙයවනු ලබන ලයා හෝටල් සමූහ ව්‍යාපාරයේ යාල පලටුපාන ප්‍රදේශයේ ස්ථාපිත ‘ලයා සෆාරි බීච් රිසෝට්’ (Laya Safari beach resort) හෝටලය Booking.com ‍වෙතින් දෙවන වතාවටත් සංවිධානය කළ Tripadvisor Travellers' Choice සහ Traveller Review Award – 2021 සම්මානයෙන් පිදුම් ලබා ඇත.

'Travellers' Choice සම්මානය පිරිනමනු ලබන්නේ ලොව පුරා සංචාරකයින් සඳහා උසස් අන්දමේ සේවාවක් නොකඩවා සපයාදීම සහ සංචාරකයින්ගෙන් ලැබෙන යහපත් ප්‍රතිචාර සහ අදහස් මතය. එබැවින් මේ වසරේදීත් සංචාරකයින්ගෙන් ලැබී ඇති යහපත් ප්‍රතිචාර සහ අනර්ඝ සේවාව තුලින් ලයා සෆාරි හෝටලය විසින් මෙම සම්මානය දිනාගන්නා ලදී.

Traveller Review Award – 2021 සම්මානය පිරිනමනු ලබන්නේ වසර මුළුල්ලේම අද්විතීය ලෙස සංචාරකයින්ගෙන් ලැබූ ප්‍රතිචාර මතය. ඉන් ලයා සෆාරි හෝටලය පිළිබඳ සංචාරකයින්ට පවතින විශ්වාසය සහ අගය කිරීම මනාව විදහා පෙන්වයි. 2020 වසර සංචාරක ව්‍යාපාරය සඳහා මහත් අභියෝගකර වසරක් විය. එවැනි අවස්ථාවක් තුළ වුවද සංචාරකයින් විසින් ලයා සෆාරි හෝටලය තෝරාගෙන තිබීම සම්බන්ධයෙන් ඔවුන් විසින් සිදුකරනු ලබන ඉහළ ආගන්තුක සත්කාර පිළිබඳ මනාව පැහැදිලි වේ.

මෙම සම්මානය පිරිනැමූ booking.com ආයතනය විසින් ලයා හෝටලය වෙත සුභපැතුම් පිරිනැමූ අතර තවදුරටත් හෝටල් ව්‍යාපාරයේ සංවර්ධනය උදෙසාත් ලයා හෝටලය වෙතින් සංචාරකයින් සඳහා දක්වන ඉහළ ආගන්තුක සත්කාර වෙනුවෙන් තවදුරටත් සහයෝගය දක්වන බවට අවධාරණය කළේය.

පසුගිය වසර තුළ ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්ත කටයුතු පහළ මට්ටමක පැවතියද වසර කිහිපයක් මුළුල්ලේම ලයා හෝටලය වෙත ලැබුණු ඉහළ සංචාරක ප්‍රතිචාර සහ යහපත් වර්ගකිරීම් මත මෙම සම්මාන යුගලයෙන් පිදුම් ලැබූ අතර එම සම්මාන පිරිනමනු ලබන්නේ ලොව පුරා සංචාරකයින්ගෙන් ලැබෙන යහපත් සහ ඉහළ ප්‍රතිචාර මතය.

ලයා හෝටල් සමූහ ව්‍යාපාරයට ඉහළ කීර්ති නාමයක් අත්පත් කරදීමත්, සංචාරකයින් වෙනුවෙන් අනර්ඝ සේවාවක් සැපයීම සඳහා Laya Safari Resort & Spa ප්‍රධාන විධායක නිලධාරි බ්‍රිගේඩියර් ලලිත් ජයසිංහ විසින් ලයා සෆාරි හෝටලයේ සංවර්ධනය සඳහා බොහෝ සෙයින් කැප වී ක්‍රියා කළේය. එහිදී, අදහස් දක්වමින් බ්‍රිගේඩියර් ලලිත් ජයසිංහ ලයා සෆාරි කණ්ඩායම විසින් සංචාරකයින් වෙනුවෙන් අත්පත් කරදුන් ඉහළ ආගන්තුක සත්කාරයත් මනා සේවාවත් සහ කැපවීම තුලින් මෙලෙස තම හෝටලය වෙත ජයග්‍රහණයක් ලැබුණු බවත් යහපත් සංචාරක ප්‍රතිචාර තුලින් එය හිමිවුණු බවත් ප්‍රකාශ කළේය. ඉදිරියේදීත් මනා සේවාවක් සැපයීම තුලින් සංචාරකයින්ගේ යහපත් ප්‍රතිචාර ලබාගැනීමට හැකි බවත් ඒ තුලින් සංචාරකයින් ආකර්ශණය කරගැනීමටත්, ඉදිරියේදිත් සංචාරක ගමනාන්තයක් ලෙස ලයා සෆාරි තෝරාගැනීම සඳහා සංචාරකයින් පොළඹවා ගැනීමටත් මෙමගින් හැකිවන බව ඔවුන්ගේ විශ්වාසයයි.

2019 වසරේ ද ලයා සෆාරි හෝටලය Tripadvisor වෙතින් Certificate of Excellence ලබාගන්නා ලදී. එමෙන්ම, 2020 Hotels.com වෙතින් Loved by Guests Award Winner 2020 සම්මානය දිනාගත් අතර Traveller's Choice Award 2020 සම්මානය Tripadvisor වෙතින් දිනාගන්නා ලදී.