Header

Sri Lanka Army

Defender of the Nation

05th June 2021 19:37:15 Hours

කොළඹ යුද්ධ හමුදා රෝහලට තවත් පරිත්‍යාගයක්

කොළඹ යුද්ධ හමුදා රෝහලේ කොවිඩ් - 19 වාට්ටුවේ අධිසත්කාර ඒකකයට රුපියල් මිලියන 1.5 ක වටිනාකමකින් යුත්බහු පරාමිතික දර්ශක (multi parameter monitors) 06 ක් සිකුරාදා (4) දින පරිත්‍යාග කරන ලදී.

කොළඹ යුද්ධ හමුදා රෝහලේ මෙම අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් තුසිතා කුමාර කුලසිංහම් මහත්මිය සහ එතුමියගේ පාසල වන විශාකා විද්‍යාලයේ 1979 වසරේ මිතුරියන් සහ සන්ෂයින් ෆර්මා ඖෂධ සමාගම ඒකාබද්ධව මෙම පරිත්‍යාගය සිදුකරන ලදී. කොළඹ යුද්ධ හමුදා රෝහලේ විකිරණශීලී විශේෂඥ වෛද්‍ය බ්‍රිගේඩියර් දිල්රුක්‍ෂි මුණසිංහ විසින් මෙම අවස්ථාව සඳහා අදාළ කටයුතු සම්බන්ධීකරණය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා කොළඹ යුද්ධ හමුදා රෝහලේ අධ්‍යක්‍ෂ කර්නල් චම්පක අත්තනායක සමඟින් යුද්ධ හමුදා රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ලුතිතන් කර්නල් චම්පික අබේසිංහ සහභාගි වූහ.