Header

Sri Lanka Army

Defender of the Nation

05th June 2021 17:37:43 Hours

591 වන බලසේනාවේ භටපිරිස් වට්ටප්පලේ ළමා උද්‍යානය ප්‍රතිසංස්කරණය කරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 59 වන සේනාංකයට අයත් 591 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 12 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් පසුගිය සඳුදා (31) දින වට්ටප්පලේ ග්‍රාම නිලධාරි වසමේ සැලුන් හන්දියේ පිහිටි ළමා උද්‍යානය ප්‍රතිසංස්කරණය කළහ.

යුද්ධ හමුදා භටපිරිස් ළමා උද්‍යානය පිරිසිදු කර එම උද්‍යානයේ පිහිටි උපකරණ වල ප්‍රතිසංස්කරණ කටයුතු ද කැපවීමෙන් සිදුකළහ. මෙම ව්‍යාපෘතිය 591 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුජීව පෙරේරා සහ 12 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි විසින් අධීක්‍ෂණය කළහ.

මෙම ව්‍යාපෘතිය සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් උපාලි රාජපක්‍ෂ 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඩී. සූරියබණ්ඩාර ඔස්සේ සිය සුභපැතුම් එක්කළේය.