Header

Sri Lanka Army

Defender of the Nation

04th June 2021 16:57:48 Hours

65 වන සේනාංකයේ භටපිරිස් වියළි සලාක පරිත්‍යාග කරති

සංචරණ සීමා පනවා තිබීම හේතුවෙන් විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටින මුලන්කාවිල් ප්‍රදේශයේ වෙසෙන අඩු ආදායම්ලාභී වැසියන් වෙත සහන සැලසීමේ අරමුණින් පසුගිය සඳුදා (31) දින යුද්ධ හමුදා භටපිරිස් වියළි සලාක බෙදාදීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළහ.

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ටිකිරි දිසානායක ගේ උපදෙස් මත 652 වන බලසේනාවේ බලසේනාධිපති සමඟ එක්ව 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් මෙම වැඩසටහන ක්‍රියාත්මක කළහ.

මෙම ව්‍යාපෘතිය 65 වන සේනාංකයේ මූල්‍යමය දායකත්වයෙන් ක්‍රියාත්මක කරන ලදී. මෙම වැඩසටහන සඳහා 652 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් උදය හේරත්, 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි, 652 වන බලසේනාවේ සිවිල් කටයුතු සම්බන්ධීකරණ නිලධාරි සහ 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් එක්වූහ.