Header

Sri Lanka Army

Defender of the Nation

04th June 2021 17:00:11 Hours

කුරිච්චකර්නි ආයුර්වේද රෝහල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස පරිවර්තනය කරයි

22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සමන්ත සිල්වා ගේ උපදෙස් මත යුද්ධ හමුදා භටපිරිස් විසින් ත්‍රිකුණාමලයේ පිහිටි කුරිච්චකර්නි ආයුර්වේද රෝහල කොවිඩ් - 19 වෛරසය ආසාදිතයින්ගේ ප්‍රයෝජනයට ගැනීම සඳහා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස පරිවර්ථනය කළහ.

සෞඛ්‍ය බලධාරින් සමඟ එක්ව 15 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපරිස් විසින් මෙම ව්‍යාපෘතිය සිදුකරනු ලැබූ අතර 2021 මැයි මස 31 දින එම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය රෝහල් බලධාරින් වෙත පවරා දුන්හ.

කොවිඩ් - 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා දිවයින පුරා කොවිඩ් - 19 ආසාදිතයින්ගේ ප්‍රයෝජනය සඳහා ඇඳන් ප්‍රමාණය ඉහළ නැංවීමට සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට ලබාදුන් උපදෙස් වලට අනුව එහි තවත් එක් අදියරක් ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසූරිය ගේ අධීක්‍ෂණය යටතේ මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ඉදිකිරීමට පියවර ගත්තේය.

සියලු වෛද්‍ය පහසුකම් සමඟින් කොවිඩ් - 19 ආසාදිතයින් 70 දෙනෙකුට ප්‍රතිකාර ලබාගැනීමේ හැකියාව ඇති මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සමන්ත සිල්වා විසින් සෞඛ්‍ය බලධාරින් වෙත පවරා දුන්නේය.

223 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ශාන්ත පෙරේරා විසින් මෙම ව්‍යාපෘතියේ අවසානය දක්වාම එහි අධීක්‍ෂණ කටයුතු සිදුකළේය.