Header

Sri Lanka Army

Defender of the Nation

04th June 2021 04:21:39 Hours

වැලිගම සහ මිරිස්ස වෙරළ තීරයේ ගිනිගත් ‘X Press Pearl’ නෞකාවේ සුන්බුන් එකතු කිරීමට යුද්ධ හමුදා දායකත්වය

පසුගිය දා ගිනිගැනීමකට ලක් වූ ‘X Press Pearl’ බහාලුම් නෞකාවේ සුන්බුන් වැලිගම සහ මිරිස්ස වෙරළට පාවී ඒම හේතුවෙන් 2021 මැයි මස 28 සහ 29 දෙදින තුළ ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන සේනාංකයට අනියුක්ත 613 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 3 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් එම වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ කටයුතු සිදුකළහ.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් විකුම් ලියනගේ ගේ අධීක්‍ෂණය යටතේ යුද්ධ හමුදා භටපිරිස් විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබූහ.

එමෙන්ම, 61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ධම්මි හේවගේ සහ 613 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් උපුල් කොඩිතුවක්කු විසින් මෙම වැඩසටහන මෙහෙයවනු ලැබූහ.