Header

Sri Lanka Army

Defender of the Nation

04th June 2021 05:25:27 Hours

කිලිනොච්චි ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ ජීවනෝපාය මාර්ගය නංවාලීමට යුද්ධ හමුදාව සහය වෙයි

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව ආරක්‍ෂක සේනා ආඥාපති - කිලිනොච්චි මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ ගේ මඟපෙන්වීම යටතේ කිලිනොච්චි භටපිරිස් විසින් කිලිනොච්චි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි සහ යුද්ධයෙන් අවතැන් වූ පවුල්වල දරිද්‍රතාවය තුරන් කිරීමේ අරමුණින් ඔවුන්ගේ ජීවනෝපාය මාර්ගයන්ට අනුග්‍රහයක් ලබාදෙමින් නව ව්‍යාපෘති කිහිපයක් දියත් කරන ලදී.

ඒ අනුව, පසුගිය සෙනසුරාදා (29) දින ආරක්‍ෂක සේනා ආඥාපති - කිලිනොච්චි විසින් යුද්ධ හමුදාවේ සහයෝගීතාවයෙන් ක්‍රියාවට නැංවෙන නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති, ගොවිපල කටයුතු, පූනරින් ප්‍රදේශයේ ස්ථාපිත තල් නිෂ්පාදන ආශ්‍රිතව සිදුකරනු ලබන කටයුතු සම්බන්ධ ප්‍රජා මධ්‍යස්ථානය සහ අනෙකුත් ප්‍රජා බලගැන්වීමේ ව්‍යාපෘති කිහිපයක වර්ථමාන තත්ත්වය පරික්‍ෂා කිරීම සඳහා නිරීක්‍ෂණ සංචාරයක නිරත වූයේය.

මෙම ව්‍යාපෘති, කිලිනොච්චි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල සුභසිද්ධිය ඉහළ නැංවීම, ප්‍රදේශයේ ජනතාවගේ සමගිය සහ සහයෝගය නංවාලීමේ අරමුණින් සිදුකරනු ලබයි.

මෙම නිරීක්‍ෂණ චාරිකාව සඳහා 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අජිත් දිසානායක, 24 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ හා 5 වන (ස්වෙච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරින් සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - කිලිනොච්චි ප්‍රධාන සිවිල් සම්බන්ධීකරණ නිලධාරි සහභාගී වූහ.