Header

Sri Lanka Army

Defender of the Nation

03rd June 2021 17:10:13 Hours

වවුනියාව, පුතුවිලන්කුලම් ප්‍රදේශයේ මඩ වගුරක එරී සිටි තුවාල ලැබූ හස්තියාට යුද්ධ හමුදා භටපිරිස්වල රැකවරණය

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 වන සේනාංකයට අයත් 561 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 16 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් පසුගිය දා වවුනියාවට ආසන්නයේ පිහිටි පුතුවිලන්කුලම් ගම්මානයේ මඩ වගුරක එරී සිටි අලියෙකු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් බේරාගෙන ඇත. අනතුරට පත් අලියා ගේ සෞඛ්‍ය තත්ත්වය පරික්‍ෂා කර තවදුරටත් සිදුකළ යුතු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා භටපිරිස් විසින් මහත් වෙහෙසක් දැරූහ.

වවුනියාව ප්‍රදේශයේ වනජීවී නිලධාරින් සහ පශු වෛද්‍යවරුන් මැයි මස 09 වන දා සිට මෙම අනතුරට පත් අලියාට ප්‍රතිකාර කිරීමේ කටයුතු ආරම්භ කළ අතර මෙම අලියා ආහාර සොයමින් වනයේ සැරිසරන විට දඩයම්කරුවන් විසින් සිදුකළ වෙඩි ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා ඇතැයි සැක කෙරේ.

මෙම අලියා අනතුරට පත්වූ පළමු දිනයේ සිටම යුද්ධ හමුදා භටපිරිස් විසින් අවශ්‍ය පළතුරු, කොළ අතු ආදිය පශු වෛද්‍යවරුන්ගේ උපදෙස් වලට අනුකූලව ලබාදීම සිදුකරති. තවද, මෙම සත්වයාගේ ඉක්මන් සුවය පිණිස භටපිරිස් විසින් උතුරු නැගෙනහිර ප්‍රධාන අධිකරණ සංඝනායක අතිපූජ්‍ය ආනන්ද ස්වාමින් වහන්සේ වැඩම කරවා ආශිර්වාද පූජාවක් ද පවත්වන ලදී.

මෙම අනතුරට පත් සත්වයාගේ ඉදිරි ප්‍රතිකාර කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පසුගිය දා ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර ගේ උපදෙස් වලට අනුකූලව වවුනියාව දිස්ත්‍රික් ලේකම් සමන් බන්දුලසේන මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් පරික්‍ෂක තිස්ස ලාල් ද සිල්වා, 561 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්.එම්.පී.එස්.බී. රත්නායක, 16 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරි අණදෙන මේජර් එම්.බී. පුංචිහේවා ඇතුලු නිලධාරින් පිරිසක් කටයුතු කළහ.