Header

Sri Lanka Army

Defender of the Nation

04th June 2021 08:35:29 Hours

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස වැඩිදියුණු කරයි

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසූරියගේ සහඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර ආඥාපති බ්‍රිගේඩියර් ටී. එම්. අබේරත්නගේ අධීක්‍ෂණය යටතේමේ දක්වා යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලැබූ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර සහ ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර භටපිරිස්වල ශ්‍රම දායකත්වයෙන්අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස පරිවර්ථනය කළහ.

කොවිඩ් - 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා දිවයින පුරා කොවිඩ් - 19 ආසාදිතයින්ගේ ප්‍රයෝජනය සඳහා ඇඳන් ප්‍රමාණය ඉහළ නැංවීමට සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට ලබාදුන් උපදෙස් වලට අනුව එහි තවත් එක් අදියරක් ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසූරිය විසින් මෙම නිරෝධායන මධ්‍යස්ථානය දින කිහිපයක් තුළ සියලු පහසුකම් වලින් සමන්විත අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස පරිවර්ථනය කිරීමට වහාම පියවර ගත්තේය.

ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර ආඥාපති බ්‍රිගේඩියර් ටී.එම්. අබේරත්න ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙහි සියලු නඩත්තු කටයුතු හා පරිපාලන කටයුතු සිදුකරන අතර අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබාගන්නා කොවිඩ් - 19 ආසාදිතයින්ගේ සියලු අවශ්‍යතාවයන් මේ වනවිට සම්පාදනය කර ඇත. ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර ආඥාපති පසුගිය අඟහරුවාදා (01) දින කන්දකාඩු අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සංචාරයක නිරත වූ අතර තවදුරටත් වැඩිදියුණු කලයුතු අවශ්‍යතාවයන් පිළිබඳව මෙම සංචාරයේදී නිරීක්‍ෂණය කරන ලදී. තවද,ඒ වන විට එම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කොවිඩ් - 19 වෛරස ආසාදිතයින් 253 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටියහ.

මෙම සංචාරය සඳහා ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙක් ද එක්වූහ.