Header

Sri Lanka Army

Defender of the Nation

02nd June 2021 22:11:09 Hours

යුද්ධ හමුදා භටපිරිස් වියළි සලාක පාර්සල් බෙදාදෙති

65 වන සේනාංකය යටතේ ස්ථාපිත 652 වන බලසේනාවේ සහ 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ටිකිරි දිසානායක ගේ අධීක්‍ෂණය යටතේ පසුගිය සඳුදා (31) දින තුනුක්කායි ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුල් අතර වියළි සලාක පාර්සල් බෙදාදුන්හ.

කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් පනවා ඇති සංචරණ සීමාවන් නිසා විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ පා ඇති සිවිල් වැසියන් වෙනුවෙන් 652 වන බලසේනාවේ සහ 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් සිය මූල්‍යමය දායකත්වයෙන් මෙම වියළි සලාක පාර්සල් බෙදාදෙනු ලැබූහ.

මෙම වැඩසටහන සඳහා 652 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් උදය හේරත්, 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි, 652 වන බලසේනාවේ සිවිල් කටයුතු සම්බන්ධීකරණ නිලධාරි සහ 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් සහභාගී වූහ.