Header

Sri Lanka Army

Defender of the Nation

22nd March 2021 22:54:22 Hours

‘Shake Hands - 1’ යුද අභ්‍යාසයේ ලුහුබැඳීමේ අභ්‍යාසය මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේදී

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් සහ පකිස්තාන යුද්ධ හමුදා සාමාජිකයින් අතර පවතින දිගු කාලීන සම්බන්ධතා සහ අන්‍යෝනය සහයෝගීතාව ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් පැවැත්වෙන ‘Shake Hands - 1’ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ 6 වන දිනය මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේදී ඉකුත් සඳුදා (22) දින පවත්වන ලදී. එහිදී දෙරටේ භටපිරිස් සංග්‍රාමික භූමියේ නොනැසි ජිවත්වීම හා ලුහුබැඳිමේ යුද අභ්‍යාසයන් පිළිබඳ වු පුහුණු නිදර්ශනයන් සඳහා සහභාගී වූහ.

මෙම ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය සඳහා සහභාගී වන පකිස්තානු සහ ශ්‍රී ලංකා හමුදා භටපිරිස් විශේෂ බලකා රෙජිමේන්තු මුලස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් නිශ්ශංක ඊරියගම විසින්උණුසුම් අයුරින් පිළිගත්තේය. ඉන් අනතුරුව, යුද අභ්‍යාසයන් පිළිබඳ ප්‍රවීන පුහුණු පාසලක් වන විශේෂ බලකා පුහුණු පාසල විසින් සිදුකරනු ලබනමෙම ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ අරමුණ පිළිබඳව එතුමන් පුහුණු අභ්‍යාසයට සහභාගී වූ භටපිරිස් දැනුවත් කළේය.

ඉන් අනතුරුව, පිළිගැනීමේ කථාව පවත්වමින් ‘Shake Hands - 1’ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් සංජීව ප්‍රනාන්දු කණ්ඩායම් නායකයකු සතු ගුණාංග සබැඳිව පැහැදිලි කළ අතර පුහුණු අභ්‍යාසයේ විවිධ අවස්ථාවන් සහ ලුහුබැඳීමේ ක්‍රමවේදයන් (modules) පිළිබඳ පැවැත් වූ අභ්‍යාසය සඳහා සහභාගී වූ භටපිරිස් දැනුවත් කළේය. මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ සහ මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ දී පසුගිය දින කිහිපයේ පැවති පුහුණු අභ්‍යාසයන්ට සහභාගී වූ භටපිරිස් ඉන් අනතුරුව සීගිරිය, පොළොන්නරුව සහ මින්නේරිය ජාතික වන උද්‍යානයේ සංචාරයක ද නිරත වූහ.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති මෙන්ම ගජබා රෙජිමේන්තුවේ සහ විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක ‘Shake Hands - 1’ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය මාර්තු මස 17 දින සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තුවේදී ආරම්භ විය. එය මාර්තු මස 31 දින දක්වා පැවැත්වේ. Nike air jordan Sneakers | 【発売情報】 近日発売予定のナイキストア オンライン リストックまとめ - スニーカーウォーズ