Header

Sri Lanka Army

Defender of the Nation

13th February 2020 18:21:32 Hours

යුද්ධ හමුදා ඉතිහාසයට රන් සලකුණක් එක් කළ පරාර්ථකාමින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ඇගයුමට ලක්වෙති

චීනයෙහි කොවිඩ් වෛරසය ආසදිත ප්‍රදේශයෙහි අධ්‍යාපන කටයුතු හදාරමින් සිට රෝගයට ගොදුරු වී ඇතැයි සැක සහිතව මෙරටට රැගෙන ආ පිරිස වෙනුවෙන් වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සෘජු මැදිහත්වීම මත දියතලාව යුද්ධ හමුදා කදවුරේ අති නවීන නිරෝධායන වාට්ටු සංකීර්ණයක් කඩිනමින් ඉදිකළ යුද්ධ හමුදා නිලධාරීන් 150 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම අද (13) දින දිවා කාලයේ යුද්ධ හමුදා මූලස්ථානයට ආරාධනා කිරිමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ඇගයුමට ලක්විය.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත යුද්ධ හමුදා ඉතිහාසයට නව පරිච්චේදයක් එක් කරමින්, කොරෝනා වෛරසය අසාදනය පළාතේ සිට මෙරටට රැගෙන ආ පිරිස වෙනුවෙන් දියතලාව යුද්ධ හමුදා කදවුරේ කඩිනමින් ගෙඩනැගිල්ලි සංකීර්ණයක් ඉදිකිරිමට දායක වූ දියතලාව රෝහල් පරිශ්‍රයේ අදාළ පරිපාලකයින්, තාක්ෂණික විශේෂඥයින් සහ 17 වන ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තුව, 6 වන ශ්‍රී ලංකා ඉංජිනේරු සේවා බලකාය, 7 වන ශ්‍රී ලංකා සංඥා බලකාය, 1 වන ගැමුණු හේවා බලඇණිය, ප්‍රග්‍රණ හා සැගවුණු වෙඩික්කරු පුහුණු පාසල, ස්වේච්ඡා බලකා පුහුණු පාසල සහ යුද හමුදා රෝහලේ නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් පිරිස් පරිපාලන අධ්‍යක්ෂ මණ්ඩලයේ සම්බන්ධිකරණයෙන් මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය මගින් යුද්ධ හමුදා මුලස්ථානය වෙත ආරාධනා කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ සේවය මෙහිදි වැඩිදුරටත් ඇගයීමට ලක්විය.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සම්ප්‍රාප්තියෙන් අනතුරුව මෙම වැඩසටහන පිළිබඳ සිදුකළ හැදින්විමකින් අනතුරුව එදිනට නියමිත වැඩසටහනේ පරමාර්ථය ප්‍රකාශයට පත් කරමින් ඔවුන් සියළුදෙනා ඇගයුමට ලක් කිරීමේ උත්සවය ආරම්භ විය. ශ්‍රී ලාංකික පිරිස දියතලාව වෙත රැගෙන ඒම සඳහා දිවා රෑ වෙහෙස මහන්සි වී වැඩ කළ දියතලාවේ රාජකාරී කරන සියලුම යුද්ධ හමුදා සාමාජිකයින්ට විශේෂ ඇගයීම් සහතික ලබාදීම සඳහා පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත ආරාධනා කරන ලදී.

ජාතියේ අභිලාෂයන් ඉටු කිරීම සඳහා ඒකාබද්ධව කටයුතු කළ හමුදා භටයන් අමතමින් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා දියතලාව සිට පැමිණි සියලු දෙනාට සිය කෘතඥතාවය පළ කළේය.

“වේගයෙන් ව්‍යාප්ත වන කොරෝනා වෛරසය නිසා චීනයේ සිට ආසාධිත බවට සැක කරන පුද්ගලයන් වෙනුවෙන් පැය 72 කටත් අඩු කාලයකදී දියතලාව යුද්ධ හමුදා කදවුරේ නිරෝධායන රෝහලක් ඉදිකිරීමේ ජාතික සේවයට දායක වූ ඔබ සැවොම සාදරයෙන් පිළිගන්නා අතර වුහාන් ප්‍රදේශය මුළුමනින්ම වසා දමා තිබියදී, චීන බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා රජයේ අතිගරු ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන්, එක් පවුලක දරුවන් වශයෙන් ඔවුන්ව බේරා ගැනීමේ එඩිතර අභියෝගය භාරගැනිමට තමන් කටයුතු කළ බව” යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙහිදී වැඩිදුරටත් කරුණු අවධාරණය කළේය.

“අපට මුහුණදීමට සිදු වූ දෙවන අභියෝගය නම්, වෛරසය ආසාදනය වී ඇත්නම්, තවදුරටත් ව්‍යාප්තවීමට ඉඩ නොදී නිරෝධායන ක්‍රියාවලියක් සිදුකරන තුරු අපේ රටේ පුතුන් හා දියණියන් රැකබලා ගත යුතු ආකාරයයි. මෙම සෞඛ්‍ය අභියෝගය. ජාතියේ ආරක්‍ෂකයින් වශයෙන් භාරගෙන ජාතියේ සහ රජයේ අපේක්ෂාවන් ඉටු කිරීමට එම නිරෝධායන කදවුරේ සිටි සියළුම නිලධාරීන් ඇතුළු කාර්යමණ්ඩල කටයුතු කළ බව” යුද්ධ හමුදාධිපතිතුමන් වැඩිදුරටත් සදහන් කළේය.

“චීනය බලවත්ම රටක් වන අතර දින 6 ක් තුළ තර්ජනයට මුහ‍දීම සඳහා විශේෂ රෝහලක් ඉදි කළ අතර ශ්‍රී ලාංකිකයන් වන අප දින 3 කට අඩු කාලයකදී, එනම් පැය 72 ක් ඇතුළත එය ගොඩනඟා ඇත්තේ මගේ සෘජු අධීක්‍ෂණය මත මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සහයෝගයෙන් බවද” වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපතිතුමන් එහිදි වැඩිදුරටත් කරුණු අවධාරණය කළේය.

අදාළ කර්ත්‍යවය ඉටු කිරීමේදි ඔබ සියලුදෙනාට නිදි වර්ජිතව රාත්‍රියක් ගත කළ ආකාරය සහ එම වගකීම් ජාතික වැදගත්කම සැලකිල්ලට ගනිමින් දැවැන්ත කැපවීමකින් යුතුව ඉටු කළ ආකාරය මම දනිමි. මගේ 35 වසරක වෘත්තීය ජීවිතය තුළ, කැපී පෙනෙන කෙටි කාලසීමාවක් තුළ එවැනි ගොඩනැගිලි ඉදිකිරීම මා දුටු පළමු අවස්ථාව මෙය වන අතර එය නිසැකවම යුද්ධ හමුදා ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කරනු ඇතැයි ද” මෙහිදි යුද්ධ හමුදාධිපතිතුමන් වැඩිදුරටත් පවසන ලදී.

තවද, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව යනු පූර්ණ විශ්වාසයකින් යුත් ශ්‍රම බලකායක් ඇති, ආත්ම විශ්වාසයෙන්, හා ශ්‍රමයෙන්, ධෛර්යයෙන්, අධිෂ්ඨානයෙන් හා කැපවීමෙන් පොහොසත් වන පරිපූර්ණ සංවිධානයක් බවද හෙතෙම තවදුරටත් කරුණු සදහන් කළේය.

සිය ජීවිත අවදානම පවා නොතකමින් එවන් ආකාරයේ රෝහලක් ඉදිකිරීමේ දැවැන්ත ව්‍යාපෘතියට ඔබ දැක්වූ දායකත්වය විශේෂ ඇගයීම් සහතිකයක් පිරිනැමීමෙන් මම අද ඔබ සැමට ආචාර කරමි. ඕනෑම හදිසි අවස්ථාවන් හෝ ස්වභාවික විපතකට මුහුණදීම වෙනුවෙන් ඔබ හොඳින් සූදානම්ව සිටින බවත්, ඒ අනුව ඔබ ලබා ඇති නිසි පුහුණුව හා වෘත්තීය දැනුම තුළින් ජාතික අවශ්‍යතා පිළිබඳව වඩා විමසිල්ලෙන් සිටිය යුතු බවත් තමා නිතරම අපේක්ෂා කරන බවද සදහන් කළ යුද්ධ හමුදාධිපතිතුමන් ඔවුන්ට සමෘද්ධිමත් අනාගතයක් වෙනුවෙන් තම හදපිරි ශූභාශිංසන එක් කරන බවද සදහන් කළේය.

සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමන්ගේ මාර්ගෝපදේශනය මත යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ මෙන්ම මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය ඇතුළුව 17 වන ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ජාතික අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් විකල්ප විධිවිධානයක් ලෙස භාවිතා කිරීම සඳහා දින 3 ක් ඇතුලත (ජනවාරි මස 29 සිට 31) දියතලාව යුද්ධ හමුදා රෝහල් පරිශ්‍රය තුළ මෙලෙස අභිනව ගොඩනැගිලි ද්විත්වය කඩිනමින් ඉදිකරන ලදී.

අභිනවයෙන් ඉදිකරනු ලැබූ මෙම ගොඩනැගිලි දෙකට කාමර 32 ක් ඇතුළත් වන අතර රැඳවියන්ගේ දෛනික අවශ්‍යතාවයන් ඉටුකර ගැනීම සඳහා අවශ්‍ය සියළුම මූලික පහසුකම්වලින් එම ගොඩනැගිලි සමන්විත වනු ඇත. ඒවාට අවශ්‍ය වෛද්‍ය විද්‍යාත්මක නිරෝධායන අරමුණු සඳහා ගැලපෙන උෂ්ණත්වමාන ඇතුළු වයිෆයි සන්නිවේදන පහසුකම්, අනෙකුත් සෞඛ්‍ය පහසුකම් ඇතුළත්ව ඉදිකර ඇත. මෙහිදි සති දෙකක කාලයක් පුරා එම රැදවියන්ට නිරෝධානය කිරීම සඳහා පුද්ගලික ආරක්ෂක උපකරණ (PPE) සමඟ රඳවා තබාගෙන තිබිනි.

මීට අමතරව, මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ අධීක්‍ෂණය යටතේ මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් විසින් දියතලාව යුද්ධ හමුදා රෝහල් පරිශ්‍රයේ තිබූ තවත් ගොඩනැගිලි තුනක් ප්‍රතිසංස්කරණය කරන ලදී. latest jordan Sneakers | Nike