Header

Sri Lanka Army

Defender of the Nation

05th February 2020 13:37:50 Hours

රුසියානු ජනරජ භූමි ප්‍රධානි සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සංචාරයක

රුසියානු ජනරජ භූමි ප්‍රධානි ඔලෙග් සල්යුකොව් (Oleg Salyukov) සිය සංචාරයේ කොටසක් ලෙස බදාදා (5) දින යුද්ධ හමුදා නිලධාරින් උපාධි අධ්‍යන සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ සංචාර කරනු ලැබීය.

එම විද්‍යාලය වෙත සපැමිණි රුසියානු හමුදා ප්‍රධානි ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටන්පිටිය විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර එතුමන් නිලධාරි නිවස්නය වෙත කැඳවාගෙන යාමට ප්‍රථම මෙදින වැඩසටහන පිළිබඳ කෙටි හැඳින්වීමක් සිදු කරන ලදී.

එහිදී, ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක විසින් පිළිගැනීමේ කථාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම විද්‍යාලයේ විධිවිධාන මෙන්ම පුහුණු ක්‍රමවේදයන් පිළිබඳ බහුමාධ්‍ය ඉදිරිපත් කිරීමක් (Multimedia presentation) තුළින් සවිස්තරාත්මකව එතුමන් වෙත පැහැදිලි කරනු ලැබීය.

එම පරිශ්‍රයේ රැඳි සිටි කාලය තුළ රුසියානු ජනරජ භූමි ප්‍රධානි විසින් කාලාන්තරයක් පුරාවට ශ්‍රී ලංකාව සහ රුසියාව අතර පවතින සබඳතා පිළිබඳ කරුණු දැක්වූ අතර එම සබඳතා ඉදිරියටත් පවත්වාගැනීමේ වැදගත්කම පිළිබඳව ද කරුණූ අවධාරණය කළේය.

රුසියානු ජනරජ භූමි ප්‍රධානි එම පරිශ්‍රයෙන් පිටත්ව යාමට ප්‍රථම ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ විද්‍යාලයේ සේනාවිධායක විසින් එතුමන් වෙත සමරු තිළිණයක් ප්‍රධානය කරමින් එම විද්‍යාලයෙහි සංචාරය පිළිබඳ සිය කෘතඥතාවය පළ කරන ලදී.

එම විද්‍යාලයේ සංචාරයෙහි නිරත වූ රුසියානු ජනරජ භූමි ප්‍රධානි ප්‍රභූවරුන්ගේ සමරු පොතේ සිය සමරු සටහනක් තබමින් එම ස්ථානයෙන් නික්ම යන ලදී.

වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ආරාධනයෙන් පස්දින සංචාරයක් සඳහා රුසියානු ජනරජයේ භූමි මෙහෙයුම් ප්‍රධානි ඔලෙග් සල්යුකොව් (Oleg Salyukov) මෙරටට පැමිණෙන ලදී.Mysneakers | Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!