Header

Sri Lanka Army

Defender of the Nation

03rd February 2020 12:14:00 Hours

72 වන ජාතික නිදහස් දිනය වර්ණගැන්වීම සඳහා දහසකට අධික ත්‍රිවිධ හමුදා, පොලිසියේ මෙන්ම සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඇතුළු සෙසු නිලයින් සහභාගී වේ

කොළඹ නිදහස් චතුරස්‍රයේ අඟහරුවාදා (4) දින පැවැත්වීමට නියමිත 72 වන ජාතික නිදහස් දින පෙළපාලිය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිලධාරීන් 105 ක් සහ සෙසු නිලයන් 2910 ක්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් 42 ක් සහ සෙසු නිලයන් 638 ක්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් 42 ක් සහ සෙසු නිලයන් 582 ක්, ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් 32 ක් සහ පොලිස් කොස්තාපල්වරුන් 469 ක්, පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 15 දෙනෙකු සහ සෙසු නිලයන් 268 ක් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 11 දෙනෙකු සහ සෙසු නිලයන් 363 දෙනෙකු සහභාගී වීමට නියමිතව ඇත.

ඒ අනුව මෙම වර්ෂයේ නිදහස් දින පෙළපාළිය සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරින් 247 දෙනෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් ඇතුළු සෙසු නිලයින් 5260 දෙනෙකු සහභාගී වීමට නියමිතව ඇත.

වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සමඟ නාවික සහ ගුවන් හමුදාධීපතිවරුන් සහ පොලීසියේ මෙන්ම සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් එක්ව මෙවර පැවැත්වෙන නිදහස් දි පෙළපාලියේ පෙරහුරුව අධීක්‍ෂණය කරන ලදී.

තවද, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිලධාරීන් 25 දෙනෙක් සහ සෙසු නිලයන් 153 ක්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් 02 ක් සහ සෙසු නිලයන් 32 ක්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් 11 දෙනෙක් සහ සෙසු නිලයන් 86 ක්, ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් 10 දෙනෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් 18 දෙනෙක් සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 20 ක් සහ සෙසු නිලයන් 124 දෙනෙකුගෙන් සමන්විත රථ වාහන 154 ක ප්‍රමාණයක් රථ පෙළපාලිය සඳහා සහභාගී වේ.

මේ අනුව ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ, විශේෂ කාර්ය බළකායේ සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සාමාජිකයින් 5988 දෙනෙකු මෙවර ජාතික දින සැමරුම් පෙළපාලිය සඳහා සහභාගී වනු ඇත. Nike shoes | Jordan Ανδρικά • Summer SALE έως -50%