Header

Sri Lanka Army

Defender of the Nation

31st January 2020 13:58:31 Hours

යුද්‍ධ හමුදාධිපතිතුමන් මේජර් ජෙනරාල් සිරිසේනගේ සේවය පැසසුමට ලක්කරයි 

නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාමගැනීමට නියමිතශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මෙන්ම භකාස අණසක ආඥාපති මේජර් ජෙනරාල් ඩී.කේ.ජී.ඩී සිරිසේන සිකුරාදා (31) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවූ අතර එහිදී යුද්ධ හමුදාව වෙනුවෙන් එතුමන් සිදු කල විශිෂ්ඨ සහ නිකැලැල් සේවය ඇගයුමට ලක් කළ යුද්ධ හමුදාධිපතිතුමන් ඉදිරි අනාගතය වෙනුවෙන් සිය සුභපැතුම් පිරිනමන ලදී.

මෙම සුහද හමුවේදී යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාමගැනීමට නියමිත ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ගේ විශිෂ්ඨ සේවය පැසසුමට ලක් කරමින් පුරා දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් එතුමන් සිදු කළ සේවයේදී සිදුවූ අමතක නොවන සිදුවිම් පිළිබඳ ආවර්ජණය කරමින් අදහස් හුවමාරු කරගත්හ.

මෙම සුහද හමුවේදී නික්මයන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් විසින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුභපැතුම් සහ කාරුණිකභාවය වෙනුවෙන් සිය ස්තූතිය පුද කළේය. අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සේවය ඇගයුමට ලක් කරමින් සංකේතාත්මක විශේෂ සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලද අතර එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත තිළිණයක් ද ලබාදෙන ලදී. Authentic Sneakers | Nike Air Force 1 , Sneakers , Ietp STORE