Header

Sri Lanka Army

Defender of the Nation

30th January 2020 09:42:33 Hours

යුද්ධ හමුදා දිවියෙන් නුදුරේදී විශ්‍රාමගැනීමට නියමිත ජ්‍යෙෂ්ඨ නිලධාරිහට යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුභපැතුම්

විශ්‍රාමගැනීමට නියමිත ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සේවය ඇගයුමට ලක් කිරීම නොකඩවා සිදුකරමින් වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාමගැනීමට නියමිත මේජර් ජෙනරාල් සුමිත් අතපත්තු බ්‍රහස්පතින්දා (30) දින සිය කාර්යාලයට ආරාධනා කිරිමෙන් අනතුරුව යුද්ධ හමුදාව වෙනුවෙන් එතුමන් සිදු කල විශිෂ්ඨ සහ නිකැලැල් සේවය ඇගයුමට ලක් කළ ඉදිරි අනාගතය වෙනුවෙන් සිය සුභපැතුම් පිරිනමන ලදී.

යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාමගැනීමට නියමිත මේජර් ජෙනරාල් සුමිත් අතපත්තු ගේ විශිෂ්ඨ සේවය පැසසුමට ලක් කරමින් පුරා දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් එතුමන් සිදු කළ සේවයේදී සිදුවූ අමතක නොවන සිදුවිම් පිළිබඳ ආවර්ජනය කරමින් අදහස් හුවමාරු කරගත්හ.

මෙම සුහද හමුවේදී නික්මයන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් විසින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුභපැතුම් සහ කරුණාවන්තභාවය වෙනුවෙන් සිය ස්තූතිය පුද කළේය. අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සේවය ඇගයුමට ලක් කරමින් සංකේතාත්මක විශේෂ සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු වන මේජර් ජෙනරාල් සුමිත් අතපත්තු සිය යුද්ධ හමුදා දිවිය තුලදී සිය රෙජිමේන්තුවේ සහ යුද්ධ හමුදා මුලස්ථානයේ ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ සහ හමුදා මාධ්‍ය ප්‍රකාශක ඇතුළු යුද්ධ හමුදාවෙහි අණ හා මාණ්ඩලික තනතුරු රැසක් හොබවා ඇත. Authentic Sneakers | Air Jordan 1 Retro High OG 'University Blue' — Ietp