Header

Sri Lanka Army

Defender of the Nation

27th January 2020 13:20:46 Hours

කමාන්ඩෝ රෙජිමේන්තුවට කන්ටේනරයක ස්ථාපිත ප්‍රථම ජංගම වෙඩිපිටියක්

ආරක්‍ෂක අමාත්‍යංශයේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ නවෝත්පාදනයක් වශයෙන් නිෂ්පාදනය කරන ලද කන්ටේනරයක් තුළ ස්ථාපනය කරන ලද ජංගම සජීවී වෙඩිපිටිය ඉකුත් සිකුරාදා (24) දින ගනේමුල්ලෙහි පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවේ පරිහරණය වෙනුවෙන් ලබාදීම සිදුවිය.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නියෝජනය කරමින් පර්යේෂන හා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) රේණුක රොවෙල් මෙම උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය. ගනේමුල්ල ප්‍රදේශයේ පිහිටි කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පැවති කෙටි උත්සවයකදී මෙම සජීවි වෙඩිපිටිය අඩංගු වන කන්ටේනරයේ නිර්මාපකයා වූ මේජර් බන්දුල නිෂ්ශංක විසින් නවීකරණය කර මැනවින් පර්යේෂණ කරන ලද නිෂ්පාදනයක් වන මෙම ඒකකය කමාන්ඩෝ රෙජිමේන්තුවේ භාවිතයට ලබාදෙනු ලැබූ අතර මේ වන විට එම ජංගම සජීවී වෙඩිපිටිය ගනේමුල්ල ප්‍රදේශයේ පිහිටි කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ දී සජීවී වෙඩි තැබීම් පුහුණු කටයුතු සඳහා උපයෝගී කරගනු ලබයි.

‘Ce-FRAD-2019’ ලෙස සුචිගත කර ඇති පිස්තෝල ශ්‍රේණිගත කිරීමේ ජංගම සජීවී වෙඩිපිටිය සම්පූර්ණයෙන් බ්ලැස්ටික් රබර් නියැදි වලින් ආවරණය කරන ලද අඩි 40 ක දිගකින් යුක්ත නාවික කන්ටේනරයක් තුල ස්ථාපනය කර ඇති අතර නවතමයෙන් සංවර්ධනය කරන ලද බ්ලැස්ටික් රබර් නියැදි වලින් ආරක්‍ෂා කර ඇත. එයද එම පර්යේෂකයා විසින්ම නිපදවා නැවත සංවර්ධනය කර ඇත.

පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය ප්‍රථමයෙන් රුපියල් මිලියන 4.6 කට මෙම ඒකකයේ මූලික ආකෘතියක් නිෂ්පාදනය කිරීමට සමත් වූ අතර එම මිලට විදේශයන්හි නිෂ්පාදනය කරන ලද සියලු පහසුකම් සහිත එවැනි ඒකකයක් මිලදී ගැනීමට හැකියාව ඇත. ‘Ce-FRAD 2019’ ශ්‍රී ලාංකීය හමුදාවන්ට සැලකිය යුතු ප්‍රතිඵලයක් අත්කර දෙනු ඇතැයි සලකනු ලබන අතර එය ශ්‍රී ලංකා හමුදා භටපිරිස් සඳහා ගෘහස්ථ සජීවී වෙඩිපිටියන් පිළිබඳ සංකල්පය හඳුන්වා දීම සඳහා වන ඒකකයක් ලෙස ගොඩනඟා ඇත.

මෙම ඒකකය ලබා ගැනීම සඳහා කමාන්ඩෝ බළසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ශානක රත්නායක සහ කර්නල් ශ්‍යාමාල් සිල්වා ඇතුළු නිලධාරීන් පිරිසක් පැමිණ සිටියහ. Sportswear Design | adidas Yeezy Boost 350