Header

Sri Lanka Army

Defender of the Nation

25th January 2020 15:40:52 Hours

යුද්ධ හමුදා භටපිරිස් පැය කිහිපයක් අතරතුර උතුරේ සිදු කරන ලද බස්රථ පරික්‍ෂාවන් හිදී වාර්තාගත ගංජා තොගයක් සොයාගනිතී

561 වන බලසේනාව යටතේ ස්ථාපිත 16 වන සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් මහනුවර සිට යාපනය දක්වා දිවෙන ඒ 9 මාර්ගය හරහා පුතූර් හන්දියේ යොදවා තිබු මාර්ග බාධකයේදී සෙනසුරාදා (25) දින කොළඹ, යාපනය සහ මහනුවර යන ප්‍රදේශවලින් පැමිණෙන බස්රථවල සිදු කළ සෝදිසි මෙහෙයුමකදී බස්රථ 5 ක තිබි කේරළ ගංජා කිලෝග්‍රෑම් 25 ක් සහ නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කළ දැව වර්ග අඩි 99.5 ක් සොයාගෙන තිබේ.

මෙරට මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමන් ලබාදුන් නියෝගයන්ට අනුකූලව වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මත්ද්‍රව්‍ය අලෙවිකරුවන් සහ ප්‍රවාහනයට සම්බන්ධ සියලුදෙනා පිළිබඳව විමසිලිමත් වී අත්අඩංගුවට ගැනීමට පොලිසියට සහයෝගය ලබාදෙන මෙන් නියෝග ලබාදීමෙන් පසු හමුදා භටපිරිස් මෙම පරික්‍ෂා කිරීමේ ක්‍රියාන්විතවල නිරතව සිටියි.

එමෙන්ම, 563 වන බලසේනාව යටතේ ස්ථාපිත 21 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් ඕමන්තෙහි යොදවා තිබු මාර්ග බාධකයේදී ඉරිදා (26) දින කේරළ ගංජා කිලෝග්‍රෑම් 4.13 ක් සොයාගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගත් කේරළ ගංජා සහ නීතිවිරෝධි දැව තොගය වැඩිදුර පරීක්‍ෂණ සඳහා පුලියන්කුලම් සහ ඕමන්තෙයි පොලිස් ස්ථාන වෙත භාරදෙන ලදී.

තවද, 16 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් අද (26) දින සවස 5 ට පමණ පුතූර් මාර්ග බාධකයේදී සිදු කරන ලද තවත් එක් සෝදිසි මෙහෙයුමකදී යාපනයේ සිට අක්කරයිපත්තුව දක්වා ධාවනය වූ බස් රථයක තිබි කේරළ ගංජා කිලෝග්‍රෑම් 5 ක් සොයා ගන්නා ලදී.

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි, 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජාලිය සෙනාරත්න, 561 හා 563 වන බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්ගේ අධීක්‍ෂණය යටතේ මෙම සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලැබීය.best Running shoes | Sneakers