19th January 2020 19:42:22 Hours
ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වී ඇති බැවින් ශ්‍රී පාදයට පිවිසෙන මාර්ග කිහිපයක් පිරිසිදු කිරීම සඳහා ‘ශ්‍රමදාන’ ව්‍යාපෘතියක් ඉකුත් සඳුදා (20) දින බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු 8 වන ගැමුණු හේවා බළකායේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ආරම්භ කරන ලදී.
මෙම පිරිසිදු කිරීමේ වැඩසටහන එරත්න ප්‍රදේශය හරහා පලාබද්දල - ශ්‍රී පාද මාර්ගයන් ආරම්භ වු අතර ඒ සඳහා එක් නිලධාරියෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 36 දෙනෙකු එක්වුහ.
මෙම ව්‍යාපෘතිය 12 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ අධීක්‍ෂණය සහ 8 වන ගැමුණු හේවා බළඇණියේ අණදෙන නිලධාරීගේ සහයෝගය යටතේ සිදුකරන ලදී.
බටහිර ආරක්‍ෂක සේනා ආඥාපතිගේ උපදෙස් පරිදි මෙම ශ්‍රමදාන ව්‍යාපෘතිය සිදු කරන ලදී. Running sports | Air Jordan