Header

Sri Lanka Army

Defender of the Nation

16th January 2020 13:59:59 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමට නියමිත මේජර් ජෙනරාල් කුමාරප්පෙරුම ගේ සේවය පැසසුමට ලක් කරයි

විශ්‍රාමගැනීමට නියමිත ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සේවය ඇගයුමට ලක් කිරීම නොකඩවා සිදුකරමින් නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාමගැනීමට නියමිත 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරුම ඉකුත් බ්‍රහස්පතින්දා (14) දින වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවූ අතර එහිදී යුද්ධ හමුදාව වෙනුවෙන් එතුමන් සිදු කල විශිෂ්ඨ සහ නිකැලැල් සේවය ඇගයුමට ලක් කළ යුද්ධ හමුදාධිපතිතුමන් ඉදිරි අනාගතය වෙනුවෙන් සිය සුභපැතුම් පිරිනමන ලදී.

මෙම සුහද හමුවේදී යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාමගැනීමට නියමිත ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ගේ විශිෂ්ඨ සේවය පැසසුමට ලක් කරමින් පුරා දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් එතුමන් සිදු කළ සේවයේදී සිදුවූ අමතක නොවන සිදුවිම් පිළිබඳ ආවර්ජණය කරමින් අදහස් හුවමාරු කරගත්හ.

යුද්ධ හමුදාධිපති නුදුරේදි විශ්‍රාම යන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් දැක්වු ආදර්ශමත් දායකත්වය පැසසුමට ලක් කරමින් ඔහු සමඟ සුහදව අදහස් හුවමාරු කරගත්හ. මෙම සුහද හමුව අවසානයේදී, යුද්ධ හමුදාධිපතිතුමන් නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සේවය ඇගයුමට ලක් කරමින් සංකේතාත්මක සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සිංහ රෙජිමේන්තු ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු වන මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරුම සිය යුද්ධ හමුදා දිවිය තුලදී සිය රෙජිමේන්තුවේ සහ යුද්ධ හමුදාවෙහි අණ හා මාණ්ඩලික තනතුරු රැසක් හොඹවා ඇත. affiliate link trace | Nike