Header

Sri Lanka Army

Defender of the Nation

11th January 2020 10:21:08 Hours

543 වන බලසේනාවේ මුලිකත්වයෙන් මන්නාරම ප්‍රදේශයේ මුස්ලිම් පාසල් සිසුන් 110 කට පාසල් උපකරණ බෙදාදෙයි

සංහිඳියාව සහ ජනවාර්ගික සමගිය ප්‍රවර්ධනය කිරීම සඳහා යුද්ධ හමුදාවේ කැපවීම නැවතත් පිළිබිඹු කරමින්, 54 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් මත 543 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් මංගල මායාදුන්න ගේ අධික්‍ෂණය යටතේ මන්නාරම ෆාතිමා මධ්‍ය මහා විද්‍යාලයේ සහ මන්නාරම දිස්ත්‍රික්කයේ විවිධ ස්ථානවල අවශතා ඇති පාසල් සිසුන් 110 කට අත්‍යවශ්‍ය පාසල් උපකරණ බෙදාදීමේ උත්සවයක් ඉකුත් සඳුදා (06) දින දියත් කළේය.

මෙම පාසල් උපාංග පරිත්‍යාග කිරීම සඳහා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු වන ප්‍රසාද් ලොකුපිටිය මහතා සහ ඔහුගේ මිතුරෙකු වන රංගනාත් කිරින්දගේ මහතා විසින් අනුග්‍රහය දැක්වීය. මන්නාරම ෆාතිමා මධ්‍ය මහා විද්‍යාලයේ සහ එම ප්‍රදේශයේ තවත් විද්‍යාල 10 කින් තෝරාගත් අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන් 110 කට අධික පිරිසකට මෙම වැඩසටහනේදී ප්‍රතිලාභ හිමිවූ අතර මෙම ප්‍රතිලාභ ප්‍රදානය ගුරුවරුන් හා අදාළ ග්‍රාම නිලධාරීන්ගේ සමීප සම්බන්ධතාවයෙන් යුතුව දියත් කරන ලදී.

මෙම ව්‍යාපෘතිය වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි ගේ උපදෙස් මත 54 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සුභාශන් වැලිකල ගේ අධික්‍ෂණය යටතේ දියත් කරන ලදී. 543 වන බලසේනාවේ භටපිරිස් පරිත්‍යාගශීලින් සහ ප්‍රතිලාභින් සමඟ සම්බන්ධීකරණයෙන් මෙම උත්සවය සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 543 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් මංගල මායාදුන්නේ සහභාගී වූ අතර ප්‍රසාද් ලොකුපිටිය මහතා සහ රංගනාත් කිරින්දගේ මහතා විශේෂ ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වූහ.

මෙම අවස්ථාවට 541 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ප්‍රදීප් කුලතුංග, 542 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් රවී හේරත්, 54 වන සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මන්නාරම කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ, ගුරුවරුන්, මන්නාරම් ෆාතිමා මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති, සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන් සහභාගී වූහ. jordan release date | NIKE