Header

Sri Lanka Army

Defender of the Nation

11th January 2020 15:15:28 Hours

සංඥා බලකායේ කලාකරුවන් අට දෙනෙකුගේ සෞන්දර්යාත්මක කුසලතා, දැන් කොළඹ දී ප්‍රදර්ශනය කෙරේ

ශ්‍රී ලංකා සංඥා බලකායේ සේවය කරන කලාකරුවන් අටදෙනෙකු විසින් සිතුවම් කරන ලද නිර්මාණ 150 කට අධික ප්‍රමාණයක් මහජනතාවට දැකබලාගැනීම සඳහා ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ඒකකය ‘සෙබල සිත්තම්’ නමින් දැවැන්ත ප්‍රදර්ශනයක් සංවිධානය කර සෙනසුරාදා (11) දින කොළඹ 7, හෝර්ටන් පෙදෙසේ පිහිටි ජේ.ඩී.ඒ.පෙරේරා කලාගාරයේදී එම කලාකරුවන් දිරීගැන්වීමේ අරමුණින් ප්‍රදර්ශනය කරන ලදී.

ශ්‍රී ලංකා සංඥා බලකා සෙබළුන්ගේ කලා කුසලතාවයන්ට ගෞරවයක් ලබාදෙමින් සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සම්ප්‍රදායික පොල්තෙල් පහන දල්වා මෙම දැවැන්ත ප්‍රදර්ශනය මහජනතාව වෙනුවෙන් විවෘත කළ බව ප්‍රකාශ කළේය. මෙම ප්‍රදර්ශනය ජනවාරි මස 11 සහ 12 දිනයන්හි පෙ.ව. 10.00 සිට ප.ව. 05.00 දක්වා විවෘතව පවතී.

මෙම සුවිශේෂී නිර්මාණයන් දෙස සමීපව බැලූ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එම කලාකරුවන් අට දෙනා සමඟ සුහදව අදහස් හුවමාරු කරගනිමින් ඔවුන්ගේ සෞන්දර්යාත්මක හැකියාවන් ඇගයුමට ලක් කළහ.

ඡායාරූප, ස්වාභාවික දර්ශන, රූප ආදිය ඇතුළත් කර විවිධ තේමාවන් මත පදනම්ව තීන්ත, නුල් සහ පැන්සල් භාවිතා කරමින් ජාතික මට්ටමට ඔබින ලෙස එම නිර්මාණ සිතුවම් කර ඇත.

4 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ මේජර් ආර්.එම්.කේ.යු.කේ. රත්නායක, 7 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ කෝප්‍රල් එම්.ජි.සී. රාජකුමාර, 9 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ කෝප්‍රල් ඩි.එස්. ප්‍රනාන්දු, 11 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ කෝප්‍රල් බී.ඒ.එන්.යු. බමුණුසිංහ, 3 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ ඩබ්ලිව්.පී.එස්. බණ්ඩාර, 11 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ ලාන්ස් කෝප්‍රල් ආර්.ඒ.එස්. නිශායුරු, 11 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ සංඥා සෙබළ එස්.ටි. පටෙල් සහ 2 වන (ස්වේච්ඡා) සංඥා බලකායේ සංඥා සෙබළ එන්.ජි.ආර්. මාලිකා මෙම නිර්මාණ සිතුවම් කළ කලාකරුවන් අටදෙනා විය.

මෙම සමාරම්භක උත්සවය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන, ප්‍රධාන සංඥා නිලධාරී මෙන්ම ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් නිලන්ත හෙට්ටිආරච්චි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගි වූහ. short url link | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ