Header

Sri Lanka Army

Defender of the Nation

03rd January 2020 12:01:04 Hours

යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පවුල් වල සිසුන්ට නව ශිෂ්‍යයත්ව ව්‍යාපෘතියක්

ජාතික ‘රූපවාහිනි’ නාලිකාවේ ඊයේ බ්‍රහස්පතින්දා (2) දින පැවති ‘සංහිද’ කතිකාවතේදී වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ දැවැන්ත සුභසාධන ව්‍යාපෘතියක් ප්‍රකාශයට පත් කළ අතර එමඟින් නිත්‍ය සහ ස්වේච්ඡා හමුදා යන දෙඅංශයේම සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පවුල්වල සිසුන්ට ඉතුරුම් ගිණුම් සහ වෙනත් දිරි දීමනා ලෙස රුපියල් මිලියන 50 ක වටිනාකමකින් යුත් ව්‍යාපෘතියක් ළඟදීම දියත් කිරිමට නියමිත යැයි පැවසීය.

පෙර වර්ශවල පරිදි ද මේ වසරේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ ව්‍යාපෘතිය සඳහා යුද්ධ හමුදාවේ නිත්‍ය බලකාය ද ඇතුළත් වන අතර මෙම දැවැන්ත ප්‍රතිලාභ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පවුල්වල සිසු සිසුවියන් දහස් ගණනකට ලබා දීමේ අරමුණින් සිදු කිරිමට නියමිත යැයි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

“යුද්ධ හමුදා සාමාජිකයින් සතුටට පත්කිරීම හමුදාවේ ප්‍රධාන වගකීම වන අතර මෙය වෘත්තීය ජීවිතයට මෙන්ම යුද්ධ හමුදා සාමාජිකයාගේ පෞද්ගලික ජීවිතයට ද ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇත. එම යෝජිත ශිෂ්‍යත්ව මගින් 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස (සා/පෙළ) සහ අ.පො.ස (උ/පෙළ) විභාග වලින් සමත්ව සිටින සිසුන් ආවරණය වන අතර එම සිසුන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සම්පූර්ණ කරන තෙක් දීර්ඝ කාලයක් ලබාදීමට කටයුතු කරනු ලැබේ” යැයි රූපවාහිනියට අදහස් දක්වමින් එතුමන් පැවසීය.

“ශිෂ්‍යත්ව වැඩසටහනට අමතරව රුපියල් 10,000/= - රුපියල් 15,000/= දක්වා මූලික තැන්පතුවක් සමඟ අනාගතය සඳහා ඉතිරිකිරීමේ පුහුණුව දිගටම කරගෙන යාමට එම දරුවන් දිරිමත් කිරීමේ නව ව්‍යාපෘතියක් හඳුන්වා දෙනු ඇත. එම නිසා මෙම තරුණ තරුණියන්ට තම වෘත්තීය ජිවිතය භාර ගන්නා තෙක් ඔවුන්ගේ අනාගත අධ්‍යයන කටයුතු කරගෙන යන විට තමන් හොඳින් ආරක්ෂා වී ඇති බව හැඟෙනු ඇත.

මෙම ව්‍යාපෘතිය “නැණ ගුණ පිරි විරු දරු අභිමන්” ලෙස නම් කර ඇති අතර යුද්ධ හමුදාවේ සේවය කරන සිවිල් කාර්ය මණ්ඩල පවුල්වල දරුවන්ටද මෙහිදි ප්‍රතිලාභ ලබා දෙනු ඇත. අධ්‍යාපනය යනු සාර්ථකත්වයේ ඉනිමඟ වේ. එමගින් විනයගරුක පුද්ගලයෙකු සමාජයට සුදානම් වන අතර ඉන් පසුව උපත ලබන පරම්පරාව ඒ ආකාරයෙන්ම මේ රටේ ප්‍රයෝජනවත් පුරවැසියන් බවට පත්වන්නේ ඔවුන්ට ලැබෙන අභිප්‍රේරණය හේතුවෙනි. මෙම සියලු වැඩසටහන් සඳහා රජයේ අභිලාෂයන්ට සරිලන පරිදි ජනාධිපතිවරයාගේ සහ ආරක්‍ෂක ලේකම්ගේ සහයෝගය ලැබෙනු ඇත. යනුවෙන් යුද්ධ හමුදාපති තවදුරටත් විස්තර කළේය.

යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනය සඳහා ලබා දෙන දිරිගැන්වීම් ද සමාජයේ ආයෝජ ක්‍රමයක් වන බැවින් මෙම ව්‍යාපෘති සාර්ථක කර ගැනීම සඳහා ඔවුන්ගේ සහායද ලබා දෙන ලෙස ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පෞද්ගලික අංශයේ සංවිධානවලින් ඉල්ලා සිටියේය.

මෙම සංහිද රූපවාහිනි වැඩසටහන සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේඡ්ඡා බළසේනා සේනාවිධායක මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේඡ්ඡා බළසේනා නියෝජ්‍ය සේනාවිධායක බ්‍රිගේඩියර් කේ.පී නුගේගොඩ සහභාගි වු අනෙකුත් සම්පත්දායකයින් වේ. Sports Shoes | Hats to Match Jordans Hyper Royal Bulls Hat