Header

Sri Lanka Army

Defender of the Nation

31st December 2019 16:33:44 Hours

විශේෂ භෝජන සංග්‍රහයේ දී නික්ම යන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානීතුමන්ට සමුදෙයි

වර්ෂ 2019 දෙසැම්බර් මස 30 දින යළිත් පරිනත හමුදා සම්ප්‍රදායක් පුනර්ජීවනය කරමින්, නික්ම යන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර සී. විජේගුණරත්නගේ සේවය අගය කරමින් එතුමන්ට ගෞරව උපහාර දැක්වීම අරමුණු කරගනිමින් කොළඹ කින්ග්ස්බරි හෝටලයේදී ත්‍රිවිධ හමුදාධිපතිවරුන් සහ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් සමුගැනීමේ විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීය.

එම පරිශ්‍රය වෙත සපැමිණි නික්ම යන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානීතුමන් සහ එතුමන්ගේ භාර්යාව ත්‍රිවිධ හමුදාධිපතිවරුන් සහ ඔවුන්ගේ භාර්යාවන් විසින් එම හෝටලයට පිවිසෙත්ම උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. එම උත්සවයේදී, යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් ප්‍රශංසාත්මක කථාවක් ඉදිරිපත් කල අතර එහිදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානීතුමන් නැවියෙකු වශයෙන් යුධ විරුවෙකු ලෙස බිහිසුනු ත්‍රස්තවාදී තර්ජනයට ලක්ව තිබූ රට වෙනුවෙන් කල අපරිමේය සේවය වෙනුවෙන් එතුමන් හට උපහාර පිරිනමනු ලැබීය. තවද, ත්‍රිවිධ හමුදාව සමීපව සම්බන්ධීකරණය කරමින් කටයුතු කිරීම පිළිබඳව ද මෙහිදී එතුමන් ප්‍රශංසාවට ලක් විය.

“අද්මිරාල් විජේගුණරත්න සතුරා ඉදිරියේ දැක්වූ නිර්භීතකම, ධෛර්ය සහ කැපී පෙනෙන වීර්ය වෙනුවෙන් ‘වීරෝධාර විභූෂණය’, ‘රණ වික්‍රම පදක්කම’ සහ ‘රණ ශූර පදක්කම’ ඇතුළු විශිෂ්ඨ සේවා පදක්කම් හතරක් ලබා ඇත. තවද, ඔහු ‘අසමමිතික නාවික යුද්ධ’ සහ ‘කුඩා බෝට්ටු මෙහෙයුම්’ පිළිබඳ විශේෂඥයෙකු ලෙස ද පුළුල් ලෙස හැඳින්විය හැකිය.” යනුවෙන් රැස්ව සිටි පිරිස වෙත යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රකාශ කරනු ලැබීය.

එතුමන් වර්ෂ 1996 දී පාකිස්ථානයේ කරච්චි විශ්වවිද්‍යාලයෙන් යුද්ධ අධ්‍යයනය පිළිබඳ විද්‍යාවේදී උපාධිය මෙන්ම වර්ෂ 2010 දි ඉන්දියාවේ මදුරාසි විශ්වවිද්‍යාලයෙන් ආරක්‍ෂක හා ක්‍රමෝපායික අධ්‍යන (පළමු පන්තියේ සාමාර්ථය) උපාධිය ද හිමිකරගෙන ඇත. ඔහු කැපී පෙනෙන ක්‍රීඩකයෙකු වූ අතර රග්බි, පාපන්දු, රුවල් යාත්‍රා සහ ඔරු පැදීම සඳහා නාවික වර්ණ දිනාගෙන ඇත. තවද, එතුමන් ශ්‍රී ලංකා නාවික හමුදාවට ගොල්ෆ් ක්‍රීඩාව හඳුන්වා දුන් ගොල්ෆ් ක්‍රීඩකයෙකු ද වේ. ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රධාන නෞකාවක් වන ‘එස්.එල්.එන්.එස් සයුර’ නෞකාවටද අණ දුන් අතර ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් සහ ආරක්‍ෂක උපදේශක වැනි ප්‍රධාන පත්වීම් ද ලබා ඇත. තවද, ශ්‍රී ලංකා නාවික හමුදාව තුල නාවික සහ සමුද්‍රීය විද්‍යාලයේ සේනාවිධායක, නාවික බලඇණි අණදෙන නිලධාරි, නාවික හමුදා විශේෂ බලකා අධ්‍යක්‍ෂ, සමුද්‍රීය අධීක්‍ෂණ අධ්‍යක්‍ෂ සහ නාවික මෙහෙයුම් අධ්‍යක්‍ෂ වැනි තනතුරු මෙන්ම අවසන් වරට එල්.ටී.ටී.ඊ ත්‍රස්තයින්ගේ පාවෙන සන්නද්ධ නෞකාවන් ජාත්‍යන්තර මුහුදේ දී විනාශ කරනු ලැබූ 2006/2007 වර්ෂයන්හී දී සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල්, දකුණු, බටහිර, උතුරු සහ නැගෙනහිර ප්‍රදේශයන්හී නාවික අණදෙන නිලධාරි, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ නාවික මාණ්ඩලික ප්‍රධානී වැනි තනතුරු ද එතුමන් හොබවනු ලැබීය.

එතුමන් වර්ෂ 2015 ජූලි මස 11 දින නාවික හමුදාධිපති ලෙස පත් කර ඇති අතර වර්ෂ 2017 අගෝස්තු මස 22 දින ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කරන ලදී. එසේම, නාවික හමුදාධිපති ලෙස එතුමන් වර්ෂ 2015 දී එක්සත් ජනපද නාවික භටයින්ගේ සහාය ඇතිව ශ්‍රී ලංකා නාවික බලඇණි දෙකක් පිහිටවනු ලැබීය.

මෙම සමුගැනීමේ උත්සවයේ උණුසුම් අවස්ථාව වූයේ එතුමන් වෙත සමරු තිලිණයක් පිරිනැමීම සහ නික්ම යන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානීගේ ස්තූති කථාව ඉදිරිපත් කිරීමෙනි. මෙම සමුගැනීමේ උත්සවය සඳහා ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ ඔවන්ගේ භාර්යාවන් මෙන්ම විශේෂ නියෝජිත පිරිසක් ද සහභාගී විය. affiliate tracking url | adidas Ultra Boost 1.0 DNA ZX 9000 Mint - Grailify