Header

Sri Lanka Army

Defender of the Nation

30th December 2019 16:35:18 Hours

බාලදක්‍ෂ සංගමය යුද්ධ හමුදාවේ තිරසාර සහයෝගීතාවය සම්මාන පදක්කම් පිරිනමමින් ගෞරව දක්වයි

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය අද (30) දින හෝමගම දිස්ත්‍රික් බාලදක්‍ෂ සංගමයේ සම්බන්ධීකරණයෙන් හෝමගම දිස්ත්‍රික් බාලදක්ෂ සංගමයේ විධායක සභාපති පුෂ්පකුමාර මහගම්මුලේගේ මහතා සහ දිස්ත්‍රික් බාලදක්‍ෂ නායක සුරංග හඳපාන්ගොඩ මහතා යුද්ධ හමුදා මූලස්ථානයේ සිදුකළ සංචාරයකදී බාලදක්‍ෂ සංගමය සඳහා යුද්ධ හමුදාව අඛණ්ඩව ලබා දුන් සහයෝගය වෙනුවෙන් යුද්ධ හමුදාව වෙත ගෞරව පුද කරමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වාට සංකේතාත්මක විශේෂ හා දුර්ලභ පදක්කම් දෙකක් ප්‍රදානය කරන ලදී.

එහිදී, ඔවුන් දෙදෙනා පසුගිය වසර කිහිපය තුළ ඔවුන්ගේ ව්‍යාපෘති සාර්ථකව කරගෙන යාම සඳහා යුද්ධ හමුදාව ලබා දුන් අඛණ්ඩ සහයෝගීතාවය වෙනුවෙන් කෘතඥතාවය පිරිනමනු ලැබූ අතර 2020 ජනවාරි මස 9 සිට 12 දින දක්වා කොට්ටාව ධර්මපාල විද්‍යාලයේදී පැවැත්වීමට නියමිත හොඩෝරි - 2020 දිස්ත්‍රික් බාලදක්‍ෂ කඳවුර සඳහාද සහයෝගය යුද්ධ හමුදාධිපතිතුමන්ගෙන් ඉල්ලා සිටියේය. තවද, එම කඳවුරෙහි සමාප්ති උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් හට සහභාගී වන ලෙස ආරාධනා කරනු ලැබීය.

රැස්වීම අතරතුර, එම බාලදක්‍ෂ නායකයින් විසින් ගිල්වෙල් නැවත එක්වීම’ (Gilwell Reunion) (විශේෂ සීමිත සංස්කරණ) පදක්කම සහ ‘ හෝමගම දිස්ත්‍රික් බාලදක්‍ෂ ’ පදක්කම යන පදක්කම් දෙක යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ප්‍රදානය කළ අතර ඔවුන්ගේ ව්‍යාපෘතීන් සඳහා යුද්ධ හමුදාවේ වාර්ෂික සහයෝගය පිළිබඳවද සාකච්ඡා කරනු ලැබීය. මෙම ඓතිහාසික හා කීර්තිමත් ගිල්වෙල් නැවත එක්වීම (Gilwell Reunion) පදක්කම සාමාන්‍යයෙන් ප්‍රදානය කරනු ලබන්නේ වර්ෂ 1919 දී පැවැත්වූ පළමු වුඩ් බැජ් බාලදක්‍ෂ පාඨමාලාව (First Wood Badge Scouting Course) පැවැත්වීම අනුස්මරනය කිරීම වෙනුවෙන් උපහාරයක් ලෙස, ලෝකයේ තෝරාගත් බාලදක්ෂයින් 100 දෙනෙකුට පමණි. වර්ෂ 1921 සිට මේ දක්වා සෑම වසරකම වාර්ෂික නැවත එක්වීම (Gilwell Reunion) රැස්වීම සංවිධානය කරනු ලැබේ.

පෙර වසරවල දී මෙන් යුද්ධ හමුදාධිපතිතුමන් සිය සංවිධානයේ පූර්ණ සහයෝගය බාලදක්‍ෂ සංවිධානය වෙත ලබාදෙන බවට පොරොන්දු වූ අතර යෞවනයන්ගේ චරිතය හැඩගැස්වීමට හා සමගිය සපිරි සමාජයක් නිර්මාණය කිරීමට ගන්නා උත්සාහයන්හි අරමුණු අගය කළේය. වර්ෂ 2020 ජනවාරි මස පැවැත්වීමට නියමිත බාලදක්‍ෂ කඳවුර සඳහා වැඩමුළු සහ සම්මන්ත්‍රණ රාශියක් මෙන්ම පුහුණු සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම්, ආකර්ශණීය වැඩසටහන්, සජීවී සංගීතය සමඟ සන්ද්‍යාවේ විනෝදාස්වාද වැඩසටහන්, චිත්‍රපට දර්ශණ, ප්‍රශ්ණාවලි සහ කඳවුරු යන විශේෂාංග ඇතුලත් වන බව එම ජ්‍යෙෂ්ඨ බාලදක්‍ෂයින් විසින් යුද්ධ හමුදාධිපතිතුමන් හට ප්‍රකාශ කරනු ලැබීය.

මෙම බාලදක්‍ෂ සංවිධානය වර්ෂ 1876 සිට 1902 දක්වා ඉන්දියාවේ සහ අප්‍රිකාවේ සේවය කළ බ්‍රිතාන්‍ය හමුදාවේ ලුතිනන් ජෙනරාල් රොබට් බේඩන්-පවෙල් (Robert Baden-Powell) විසින් වර්ෂ 1907 දී ආරම්භ කරනු ලැබීය. වර්ෂ 1899 දී, දකුණු අප්‍රිකාවේ මාස හතක් පුරා පැවති දෙවන ‘ බෝ ’ යුද්ධයේදී බේඩන් පවෙල් විසින් මාෆෙකින් නගරය (town of Mafeking) සාර්ථකව ආරක්‍ෂා කළේය. බේඩන්-පවෙල්ගේ භටපිරිස් විශාල සංඛ්‍යාවක් සිටි නිසා ඔහු ප්‍රථමාධාර ලබා දීමට, පණිවිඩ රැගෙන යාමට සහ සංදේශ රැගෙන යාමට පිරිමි ළමයින් යොදා ගත්තේය.

එක්සත් රාජධානියට ආපසු පැමිණි විට,බේඩන්-පවෙල්ට නිවාස වල සිටින පිරිමි ළමයින්ගෙන් මාෆීකින් ප්‍රදේශයේ පිරිමි ළමයින්ට සමාන ක්‍රියාකාරකම් වලින් ප්‍රයෝජන ගත හැකි බව අවධාරණය විය. එම ක්‍රියාකාරකම් බාලදක්‍ෂ සංවිධානයේ පදනම බවට පත්විය. බාලදක්ෂ සංවිධානය අදටත් අධ්‍යාපනික හා ආකර්ෂණීය මට්ටමක පැවතුනද, එම සංවිධානය එහි මූලයන්ගෙන් දුරස් වී නොමැත. එළිමහන් ත්‍රාසජනක ක්‍රියා, අන්‍යයන්ට උදව් කිරීම සහ බාලදක්‍ෂ කුසලතා එහි ක්‍රියාකාරකම්වල වඩාත්ම කැපී පෙනෙන්නක් ලෙස තවද පවතී.Nike shoes | Air Jordan XXX1 31 Colors, Release Dates, Photos , Gov