Header

Sri Lanka Army

Defender of the Nation

30th December 2019 15:35:18 Hours

නික්ම යන කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජෙනරාල් ගේ සේවය අගයයි

විශ්‍රාම යනු ලබන අධ්‍යක්‍ෂ ජෙනරාල් කෘෂිකර්ම සහ පශු සම්පත් මේජර් ජෙනරාල් ඒ.කේ.ඒ බුවනෙක ගුණරත්න එතුමන්ගේ විශ්‍රාම දිවියට එළඹීමට ප්‍රථම අද (30) දින යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපතිතුමන් මුණගැසුණු අතර එහිදී නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රශංසාවට ලක් විය.  

මෙම හමුවේදී යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නික්ම යන මේජර් ජෙනරාල් බුවනෙක ගුණරත්නගේ විශිෂ්ඨ සේවය පැසසුමට ලක් කරමින් පුරා දශක තුනකට අධික කාලයක් එතුමන්ගේ යුද්ධ හමුදා දිවිය තුල අමතක නොවන සංධිස්ථානයන් පිළිබඳ පැසසුමට ලක් කළහ. විශේෂයෙන් කෘෂිකාර්මික හා පශු සම්පත් ක්ෂේත්‍රයේ මෑත කාලයේදී එතුමන් ලැබූ සුවිශේෂී ජයග්‍රහණ පිළිබඳව ද මෙහිදී කථා බහට ලක්විය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදාවේ වර්ධනයට එතුමන් දැක්වූ ආදර්ශමත් දායකත්වය පැසසුමට ලක් කරමින් විශ්‍රාමික මේජර් ජෙනරාල් බුවනෙක ගුණරත්න සමඟ අදහස් හුවමාරු කරගත්හ. මෙම හමුව අවසානයේදී, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සේවය අගය කරමින් සංකේතාත්මක විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කළේය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ මේජර් ජෙනරාල් බුවනෙක ගුණරත්න සිය යුද්ධ හමුදා දිවිය තුල දී එතුමන්ගේ රෙජිමේන්තුවේ සහ යුද්ධ හමුදාවේ අණ හා කාර්ය මණ්ඩලික පත්වීම් රැසක් හොඹවා ඇත.Nike air jordan Sneakers | Zapatillas de running Nike - Mujer