Header

Sri Lanka Army

Defender of the Nation

26th December 2019 11:23:46 Hours

යාපනයේ සිසුන්ට නත්තල් ත්‍යාග ලෙස තවත් පාපැදි 100 කට අධික ප්‍රමාණයක්

යාපනය ප්‍රදේශයේ නත්තල් උත්සවය සමරමින් යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය එම ප්‍රදේශයේ පාසල් සිසුන්ට පාපැදි 100 ක් පරිත්‍යාග කිරීම සහ තෝරාගත් පවුල් සඳහා පොල් පැළ බෙදාදීම ඉකුත් අඟහරුවාදා (24) දින සිදුකරන ලද අතර මේ සඳහා  එක්සත් ජනපදය පදනම් කරගත් ‘Limited Brands Mast Cares Team’ සඳහා දේශීය මිලදී ගැනීමේ කාර්යාලය වන ‘Mast Industries Far East Limited’ විසින් ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබාදුන්හ.

යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානයේ තවත් එක් ප්‍රජා ව්‍යාපෘතියක් ලෙස එම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ගේ උපදෙස් මත මෙම පරිත්‍යාග වැඩසටහන සංවිධානය කරන ලදී.

යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ පැවති මෙම පරිත්‍යාග වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යාපනයේ රඳගරු අති උතුම් ආචාර්ය ජස්ටින් බී. ඥාණප්‍රගසම් පියතුමන් සහභාගි වූ අතර යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් ද සහභාගි විය.

තවද, මෙම අවස්ථාව සඳහා පූජකවරුන්, 51 හා 52 වන සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී හා පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, භටපිරිස්, පාසල් සිසුන් සහ දෙමාපියන් රැසක් සහභාගි වූහ.Nike footwear | Nike for Men