Header

Sri Lanka Army

Defender of the Nation

23rd December 2019 21:38:38 Hours

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ‘දේවදූත සන්ධ්‍යාව - 2019’ ගාන්ධි උද්‍යානයේදී පැවැත්විණි

නැ‍ඟෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් පවත්වනු ලබන ‘නත්තල් දේවදූත සන්ධ්‍යාව - 2019’ වාර්ෂික නත්තල් කැරොල් ගී ප්‍රශංගය ඉකුත් බ්‍රහස්පතින්දා (19) දින මඩකලපුවේ ගාන්ධි උද්‍යානයේදී දේව මංගල්‍ය උත්සවය පැවැත් වූ අතර එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ගරු ආචාර්ය ජෝශප් පොන්නයියා සහ නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු සහභාගී වූහ.

23 වන සේනාංකයේ සහ 231 වන බලසේනාවේ භට පිරිස් විසින් නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ සහයෝගය ඇතිව සංවිධානය කරන ලද මෙම නත්තල් උත්සවය සඳහා මඩකලපුවේ කිතුනු ප්‍රජාවගේ සහාය ද ලැබුණි.

සන්ධ්‍යාවේ ජාතික ගීය ගායනා කිරිමෙන් සහ නත්තල් දින උත්සවය වෙනුවෙන් පිළිගැනීමේ නර්තනයක් ඉදිරිපත් කිරිමෙන් අනතුරුව උත්සව කටයුතු ආරම්භ කරනු ලැබීය.

සම්ප්‍රදායික පොල් තෙල් පහන් දැල්වීමෙන් අනතුරුව නත්තල් සමයේ නත්තලේ සැබෑ අරුත එක්රැස් කිරීම සිහිපත් කරමින් නත්තල් පණිවුඩය මඩකලපුවේ අගරදගුරු ගරු ආචාර්ය ජෝශප් පොන්නයියා මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

මෙම අවස්ථාවට ශාන්ත මෙතෝදිස්ත පල්ලියේ ගායනා කණ්ඩායම, අක්කරෙයිපත්තු පැරිස් පල්ලිය, නවාක්කුඩා පැරීස් පල්ලිය, අම්පාර පැරීස් පල්ලිය, මඩකලපුව ඇමරිකානු මිෂනාරි පල්ලිය සහ ශාන්ත මයිකල් විද්‍යාලයේ ළමුන්, යුධ හමුදා ගායනා කණ්ඩායම එක්ව සාම කුමාරයා වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් ගීත ගායනා කළහ. එම අවස්ථාවේදීම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සංකේතවත් කරමින් තවත් සංස්කෘතික අංග කිහිපයක් ඉදිරිපත් කළේය.

උත්සව අවස්ථාව අමතමින් නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු නත්තල් උත්සවයේ ප්‍රීතිමත් අවස්ථාවට සිය සුබ පැතුම් එක් කළ අතර නත්තලේ අරුත සාමයේ ප්‍රීතිය සහ සමගියේ පණිවුඩය පැතිරවීම බව රැස්ව සිටි සැමට සිහිපත් කළහ. ක්‍රිස්තියානි ධර්මයේ සාරධර්ම අගය කරන පුද්ගලයින් සිටින අතර, එමගින් ප්‍රජාවන් අතර ජනවාර්ගික හා ආගමික සමගිය ප්‍රවර්ධනය කිරීමට හැකිවන බව එතුමන් ප්‍රකාශ කළේය.

ළමුන් අතර තෑගි බෙදා දීම සහ අවශ්‍යතා ඇති අය අතර වියළි සලාක ඇසුරුම් සහ වර්ණවත් ගිනිකෙළි සංදර්ශනයක් සමඟ සන්ධ්‍යාවට තවත් වැදගත්කමක් එක් කළේය. මෙම උත්සවය අලංකාර නත්තල් ගසක් සහ වෙනත් දීප්තිමත් සැරසිලි වලින් වර්ණවත් විය. අලංකාර සන්ධ්‍යාව සාම්ප්‍රදායික රාත්‍රී භෝජන සංග්‍රහයකින් අවසන් වූ අතර, අඟරදගුරු තුමාට සහ ආරාධිතයින්ට 231 බලසේනා මූලස්ථානයේදී සත්කාරකත්වය සපයන ලදී.

මෙම නත්තල් උත්සව අවස්ථාව සඳහා බෞද්ධ, හින්දු සහ ඉස්ලාමීය ආගම් නියෝජනය කරමින් ආගමික පූජකයින්, 22 වන සේනාංකයේ සේනාවිධායක මේජර් ජෙනරාල් අතුල මාරසිංහ, 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් චින්තක ගමගේ, 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ධම්මික ජයසුන්දර, කීර්තිමත් ආරාධිතයින් අතර ත්‍රිවිධ හමුදා සහ පොලිසිය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වූහ. Sports brands | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov