Header

Sri Lanka Army

Defender of the Nation

23rd December 2019 22:38:38 Hours

යුද්ධ හමුදා මූලස්ථානය වෙත දිවෙන මාර්ගයේ විදුලි අලංකරණය සහ නත්තල් සැරසිලි යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් විවෘත වේ

එළඹෙන නත්තල් දින උත්සවය වෙනුවෙන් නව යුද හමුදා මූලස්ථානය සහ යුද හමුදා මූලස්ථානය වෙත දිවෙන මාර්ගය අලංකාර වර්ණවත් විදුලි සැරසිලි මෙන්ම නත්තල් ගස් ඇතුළු වෙනත් විසිතුරු අලංකරණයන් සදුදා (23) දින සන්ධ්‍යාවේ ආලෝකමත් කරනු ලැබූවේ ආගමික සමගිය, සාමය සහ සංහිඳියාව කෙරෙහි හමුදාව දක්වන සැලකිල්ල සංකේතවත් කිරීමේ අරමුණිනි. එමෙන්ම මෙම අලංකාරවත් සැරසිලි නිර්මාණය කිරීම වෙනුවෙන් යුද්ධ හමුදා සාමාජිකයින් මුලිකත්වය ගෙන කටයුතු කරන ලදී.

විධායක ජෙනරාල් සහ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල්ගේ අරාධනයෙන් එම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු සමඟින් එහි විසිතුරු විදුලි ආලෝකයන් ප්‍රදීපනය කරවන විදුලි පුවරුව ක්‍රියාත්මක කරවන ලදී. යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව රට පුරා ක්‍රියාත්මක වන පරිදි එදින (23) දින උදෑසන ‘තුරු මිතුරු නව රටක්’ රුක් රෝපණ වැඩසටහන ආරම්භ කිරීමෙන් පැය කිහිපයකට පසුව මෙම වර්ණවත් විසිතුරු විදුලි පහන් ප්‍රදීපනය කරවන ලදී. එම රුක් රෝපණ වැඩසටහනට සමගාමීව දිවයිනේ විවිධ ප්‍රදේශයන්හී කොස්, දෙල්, පොල්, විවිධ පළතුරු වර්ග සිටුවීමේ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කර තිබුණි. එමෙන්ම අදාළ ප්‍රදේශයන්හී මෙම පැළ වර්ග සිටුවීම වෙනුවෙන් අවශ්‍ය බීජ හා පැළ වර්ග ලබාදීමට යුද්ධ හමුදා සාමාජිකයින් කටයුතු සුදානම් කර ඇති බැවින් සාමාන්‍ය ජනතාව එම පැළ සිටුවීමේ ව්‍යාපෘති කෙරෙහි විශේෂ අවධානයක් සහ උනන්දුවක් දැක් වූහ. Running Sneakers Store | Nike