Header

Sri Lanka Army

Defender of the Nation

09th December 2019 18:13:10 Hours

වව්නියාව ක්ෂේත්‍ර හමුදා රෝහලට නව උපාංග සහ උපකරණ ප්‍රදානය කරයි

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයෙහි බ්‍රිගේඩියර් මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් හරේන්ද්‍ර රණසිංහ ගේ ඉල්ලීමකට අනුව කුලියාපිටිය ප්‍රදේශයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන සේනක රොද්‍රිගෝ මහතා විසින් ඉකුත් සෙනසුරාදා (7) දින වන්නි ක්ෂේත්‍ර හමුදා රෝහල වෙත නවීනතම පහසුකම් වලින් සමන්විත දැඩි සත්කාර ස්වයංක්‍රිය ඇඳන් දෙකක්, සාමාන්‍ය ඇඳන් හතරක්, මෙට්ට නවයක්, සේලයින් ආධාරක දෙකක්, තිරරෙදි අටක්, ආධාරක ලාම්පු දෙකක්, රෝගී තත්ත්වයන් අධීක්‍ෂණය කරන විද්‍යුත් පුවරු දෙකක්, ඉන්ෆියුස් සහ පොම්ප දෙකක්, සිරින්ජර් පොම්ප තුනක්, එක්ස් කිරණ ආලෝකකරණ දෙකක්, ශල්‍යාගාර විදුලි පහනක්, ප්ලාස්ටික් තැටි සහ බේසම් පරිත්‍යාග කරන ලදී.

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි ගේ ආශිර්වාදය මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති අතර වන්නි ප්‍රදේශය ආශ්‍රිතව රාජකාරි නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් හොදම වෛද්‍ය උපකරණ ලබා ගැනීමේ අරමුණ මුලික කරගනිමින් එය ක්‍රියාවට නංවා තිබිණි. එමෙන්ම වව්නියාව ක්ෂේත්‍ර හමුදා රෝහල මෑතකදී නවීකරණයට ලක් කිරීමෙන් පසු යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සුභසාධන කටයුතු වෙනුවෙන් ප්‍රමුඛත්වය ලබා දී තිබු අතර එම කටයුතු වෙනුවෙන් එම රෝහලට අවශ්‍ය කරන වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමද වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේදී සිදුවිය.

දිර්ඝ කාලසීමාවක් පුරා පැවති එම රෝහලේ පැවති අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ වල ඌණතාවය හේතුවෙන් එහි හදිසි ප්‍රතිකාර ඒකකය ඇතුළු ක්ෂේත්‍ර හමුදා රෝහලේ අනෙකුත් අංශවලින් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි රෝගීන් දැඩි දුෂ්කරතාවයන්ට පත්විය.

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ පිහිටි ක්ෂේත්‍ර හමුදා රෝහල අද වන විට නවීන පහසුකම් වලින් සහ සේවය සඳහා ඇප කැපවු වෛද්‍ය කාර්යය මණ්ඩලයකින් සමන්විතය.

එම රෝහල වෙත අදාල පරිත්‍යාගයන් සිදුකිරිම වෙනුවෙන් බ්‍රිගේඩියර් මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් හරේන්ද්‍ර රණසිංහ ඇතුළු බ්‍රිගේඩියර් පාලන හා භකාස කර්නල් ජයනාත් රන්දෙනිය සහභාගි වු අතර මෙම අවස්ථාව සඳහා වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිළයින් ද සහභාගි විය. jordan release date | jordan Release Dates