Header

Sri Lanka Army

Defender of the Nation

09th September 2019 14:17:58 Hours

මහනුවර වැසියන් විශ්මයට පත් කරමින් ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමේ තවත් පුහුණු මෙහෙයුමක් සාර්ථකව දියත් කරයි

මේ දිනවල ක්‍රියාත්මක කරනු ලබන ‘දියකාවා යුද අභ්‍යාසය අදියර X – 2019’ ඒකාබද්ධ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ තවත් මෙහෙයුමක් මහනුවර වැසියන් විශ්මයට පත් කරමින් යුද හා ගුවන් හමුදා සෙබළුන් මෙන්ම නේපාල සහ බංගලාදේශ හමුදා සෙබළුන් කණ්ඩායමකගේ සහභාගීත්වයෙන් සෙනසුරාදා (07) දින ගැටබේ ප්‍රදේශයේදී දියත් කරනු ලැබූ අතර එම පුහුණු මෙහෙයුමේදී සැඟවී සිටි ත්‍රස්ත නායකයෙකු සහ ඔහුගේ සහායකයින් නිරුපද්‍රිතව අත්අඩංගුවට ගැනීමට සමත්වූහ.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නාවුල පිහිටි විශේෂ බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී රෙජිමේන්තු අධිපති ධූරයේ රාජකාරී භාරගෙන නැවත පැමිණෙන අතරවාරයේ මහනුවර පැවැති මෙම අභියෝගාත්මක සහ රහසිගත පුහුණු මෙහෙයුම සඳහා සහභාගීවූවන් දිරීමත් කරමින් පුහුණු අභ්‍යාසය අධීක්‍ෂණය කිරීම සඳහා සහභාගි විය. දියකාවා යුද අභ්‍යාස අධ්‍යක්‍ෂ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු විසින් යුද්ධ හමුදාධිපතිතුමන්ට මෙම පුහුණු අභ්‍යාසය දියත් කරනු ලබන ආකාරය පිළිබඳ කෙටි විස්තරයක් ඉදිරිපත් කළ අතර ත්‍රස්ත නායකයා ඇතුළු ඔහුගේ කණ්ඩායම අත්අඩංගුවට ගන්නා ආකාරය නිරීක්‍ෂණය කළ යුද්ධ හමුදාධිපතිතුමන් වැඩිදුර නිරීක්‍ෂණ කටයුතු සඳහා මෙහෙයුම් මුලස්ථානය වෙත පැමිණියේය.

හමුදා බුද්ධි අංශ වෙතින් ලද තොරතුරුවලින් අනතුරුව, නාගරික සටන්වලට දක්‍ෂ 4 වන විශේෂ බලකායේ සෙබළුන් අට දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් දෙකක් ගුවන් හමුදා භටයින්ගේ සහාය ඇතිව යතුරු පැදි කණ්ඩායම් දෙකක් සහ නාගරික සටන් කණ්ඩායම් යොදාගනිමින් මෙම පුහුණු මෙහෙයුම ආරම්භ කළහ. මේ අතර විශේෂ බලකායේ සෙබළුන් අට දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් දෙකක් බෙල් 212 හෙලිකොප්ටර් යානයකින් එම ස්ථානයට ක්‍ෂණිකව ලඟාවිය. විශේෂයෙන් නාගරික සටන් සඳහා නිර්මාණය කර ඇති වාහන සහ යතුරුපැදි යොදාගනිමින් ජනාකීර්ණ ප්‍රදේශයට ක්‍ෂණිකව ලඟාවී ත්‍රස්ත නායකයා සහ ඔහුගේ කණ්ඩායම වටකර අත්අඩංගුවට ගැනීමට සමත්වූහ.

මෙම ත්‍රස්තවාදී කල්ලිය මහනුවර නගරයට සහ ගැටඹේ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල කිරීමේ අරමුණින් මෙම ප්‍රදේශයට පැමිණ ඇත. අභ්‍යාස අධ්‍යක්‍ෂකගේ උපදෙස් අනුව, අත්අඩංගුවට ගත් ත්‍රස්තවාදී නායකයා ඇතුළු කණ්ඩායම වැඩිදුර ප්‍රශ්න කිරීම් සහ පරීක්‍ෂණ සඳහා මින්නේරිය මෙහෙයුම් මූලස්ථානය වෙත ගුවනින් රැගෙන යන ලදී. මෙම පුහුණු මෙහෙයුම නිරීක්‍ෂණය කිරීම සඳහා ‘දියකාවා යුද අභ්‍යාසය - 2019’ හි අභ්‍යාස අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ, යුද අභ්‍යාසය සඳහා සහභාගිවන අනෙකුත් නිලධාරීන්, නාවික හා ගුවන් හමුදා නිලධාරීන් ඇතුළු හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගි වූහ.

මෙහිදී මාධ්‍යයට අදහස් දැක්වූ යුද්ධ හමුදාධිපතිතුමන් විශේෂ බලකාය, කමාන්ඩෝ භටයින්, යාන්ත්‍රික පාබල හමුදාව සහ ගුවන් සංක්‍රමික බලසේනාව ඇතුළු අභ්‍යාසය සඳහා සහභාගීවන කණ්ඩායම්වලට අදාළ උපාය මාර්ග හා උපක්‍රමික ක්‍රමෝපායන් සිදුකරනු ලබන ආකාරය පිළිබඳ පැහැදිලි කළේය. “අතීතයේ දී මෙන් නොව, ඔබට තනි තනිව ගැටලු විසඳා ගත නොහැකි අතර, අපගේ යුධ සටන් සහ අත්දැකීම් බෙදාහදා ගැනීමට උනන්දුවක් දක්වන අප සමඟ සම්බන්ධවීමට සූදානම්ව සිටින අය සමඟ අපි සාමූහිකව වැඩ කළ යුතුය.  අප කුරීරු යුද්ධයක් ජයගත් ජාතියක් වන අතර සතුරු ජාල තුරන් කර ජාතික ආරක්‍ෂාවේ යහපත සඳහා නැවත කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට උත්සාහ කළ යුතුය. ජාතික ආරක්‍ෂාව පිළිබඳ සැලකිලිමත්වීමට හමුදාව ප්‍රමුඛස්ථානය දී තිබියදීත්, මා පත් කිරීම සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමන්ට බලපෑම් කළද, මාතෘභූමියේ සහ එහි භෞමික අඛණ්ඩතාව ආරක්‍ෂා කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමා මා කෙරෙහි විශ්වාසය තබා තිබේ.” යනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය. Best Sneakers | Sneakers