Header

Sri Lanka Army

Defender of the Nation

15th August 2019 12:06:35 Hours

ඉදිකරමින් පවතින නිවාස ව්‍යාපෘතියේ ප්‍රගති සමාලෝචනයක්

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ඉකුත් බ්‍රහස්පතින්දා (15) දින පුන්කුඩුතිව් හි නිවාස ව්‍යාපෘතියේ අඛණ්ඩ ඉදිකිරීම් කටයුතු වල ප්‍රගතිය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා එම ප්‍රදේශයට ක්‍ෂේත්‍ර සංචාරයක නිරත විය.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සහාය ඇතිව යාපනය අර්ධද්වීපයේ අගහිඟකම් ඇති ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් මෙම නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියේ නිරතව සිටිති.

මෙම ව්‍යාපෘතිය පරික්‍ෂා කිරිම සඳහා ව්‍යාපෘතිය සම්බන්ධීකරණ උතුරු පළාතේ අධ්‍යාපන ලේකම් සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරීයේ නිලධාරීන් ඇතුළු එම බල ප්‍රදේශයේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරීන් පිරිසක් ද එක් විය. Sports brands | Releases Nike Shoes