Header

Sri Lanka Army

Defender of the Nation

13th August 2019 17:03:48 Hours

යුද්ධ හමුදා සාමාජිකයින්ට ආශිර්වාද ලබාගැනීම වෙනුවෙන් යුද්ධ හමුදා මූලික රෝහලේ දී මහා සංඝරත්නය උදෙසා දානයමය පිංකමක්

යුද්ධයෙන් තුවාල ලබා යුද හමුදා මූලික රෝහලේ ප්‍රතිකාර ලබන විරුවන් සහ සේවයේ යෙදි සිටින සියළුම යුද්ධ හමුදා සාමාජිකයින්ට ආශිර්වාද එක්කිරිමේ අරමුණින් කොළඹ නාරාහෙන්පිට යුද්ධ හමුදා මූලික රෝහල් පරිශ්‍රයේදී සියනමක් උදෙසා දානමය පිංකමක් ඉකුත් සදුදා (12) දින පැවැත්විනි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කර්නල් සේනාවිධායක මෙන්ම යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ ගේ මඟ පෙන්වීම යටතේ සංවිධානය කරන ලද මෙම පුණ්‍යකර්මය සඳහා අධ්‍යක්‍ෂ නඩත්තු හා කළමනාකරණ, යුද්ධ හමුදා මූලික රෝහලේ අධ්‍යක්‍ෂ සහ එම රෝහලේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් , වෛද්‍ය කාර්යය මණ්ඩලය සහ යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් සහභාගී වූහ.

මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ ගේ ආරාධනය පිළිගෙන මෙම දානමය පිංකම සඳහා පූජ්‍ය දිවියගහ යසස්සි නායක ස්වාමින් වහන්සේ, නවකෝරලයේ හි ප්‍රධාන සංඝ නායක පූජ්‍ය වහුමුවේ විජේවංස නායක හිමියන් ප්‍රමුඛ මහ සංඝරත්නය වැඩම කළහ.

මහා සංඝරත්නය වර්ණවත් පෙරහැරකින් එම පරිශ්‍රය වෙත වැඩම කරණ ලද අතර මේජර් ජෙනරාල් මුණසිංහ විසින් පොල් තෙල් පහනක් දල්වා ආගමික වතාවත් සිදු කිරිම සඳහා මහා සංඝරත්නය වෙත ආරාධනා කරන ලදී.

මහා සංඝරත්නය උදෙසා දානය පූජාකිරිමේ උතුම් පුණ්‍ය කර්මය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ඒකකයේ සභාපති බ්‍රිගේඩියර් වෛද්‍ය ඩී.ටී.එන්. මුණසිංහ, යුද හමුදා රෝහල් අධ්‍යක්ෂ කර්නල් කේ.පී.එන් පතිරණ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. Running Sneakers | Nike Shoes