Header

Sri Lanka Army

Defender of the Nation

14th August 2019 20:24:54 Hours

විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලා අංක 67 සාර්ථකව හැදෑරුවන් හට සම්මාන ප්‍රධානය කෙරේ

මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ පැවැත්වූ විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලා අංක 67 සාර්ථකව අවසන් කළ යුධ හමුදා සාමාජිකයින් හට නිල ලාංඡන පැලදවීම ඉකුත් බදාදා (3) දින උත්සවාකාරයෙන් සිදුවිය.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මාදුරුඔය යුධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක, බ්‍රිගේඩියර් නිවුන්හැල්ල සහභාගි වූ අතර එතුමන් පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක ලුතිතන් කර්නල් කේ.ඒ පුෂ්පකුමාර විසින් ගෞරවයෙන් පිළිගනු ලැබිණි.

මෙහිදී පාඨමාලාව සාර්ථකව අවසන් කළ නිළධාරි 16 ක් සහ යුධ හමුදා සාමාජිකයින් 269 කු සඳහා ලාංඡන පළඳවා සම්මාන ප්‍රධානය කරනු ලැබීය.

සියලුම අංශයන්ගෙන් දක්ෂතම නිලධාරියාට හිමි සම්මානය 24 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ ලුතිතන් එම්.ටී.එන්.කේ. පෙරේරා විසින් හිමිකරගත් අතර සියලුම අංශයන්ගෙන් දක්ෂතම සෙබලාට හිමි සම්මානය 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කොප්‍රල් ඊ.එම්.එස්.එන් එදිරිසිංහ හිමිකරගනු ලැබීය. හොඳම වෙඩික්කරුට හිමි සම්මානය 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ලුතිනන් ටී.එස් බෝගහවත්ත ලබාගත් අතර පාඨමාලා අංක 67 හොඳම ඛණ්ඩයට හිමි සම්මානය හිමි කර ගැනිමට විජයභාහු පාබල රෙජිමේන්තු වේ භට පිරිස් සමත් විය.

මෙම සම්මාන ප්‍රධාන උත්සවය සඳහා නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් විශාල පිරිසක් සහභාගී විය. Authentic Nike Sneakers | NIKE AIR HUARACHE