Header

Sri Lanka Army

Defender of the Nation

13th August 2019 16:30:54 Hours

නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් 05 දෙනෙකු හට ඇගයීම් සහතික පත් ප්‍රධානය කෙරේ

පුරා දශක තුනකට ආසන්න කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකරනු ලැබූ ප්‍රසංශනීය මෙහෙවර ඇගයුමට ලක් කරමින් නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යාමට නියමිත රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් 05 දෙනෙකු ඉකුත් අඟහරුවාදා (13) දින යුද්ධ හමුදා මුලස්ථානය වෙත කැඳවා ඔවුන් වෙත ඇගයීම් සහතික පත් ප්‍රදානය කිරිම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ සුරතින් සිදු විය.

නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යාමට නියමිත රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ භඨකාර්ය සම්පාදන ක්‍ෂේත්‍රයේ සහ පරිපාලන කටයුතු සඳහා ලබාදුන් විශීෂ්ට හා ආදර්ශමත් සේවාව ඇගයුමට ලක් කරමින් යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් ඔවුන් වෙත විශේෂ සහතික පත් මෙහිදි ප්‍රදානය කරන ලදී.

මෙම හමුවේදී, ඔවුන් සමඟ සුහඳ පිළිසදරක යෙදුණු යුද්ධ හමුදාධිපතිතුමන් ඔවුන්ගේ අතීත රාජකාරී අත්දැකීම් සහ විශ්‍රාම යාමෙන් පසු අනාගත බලාපොරොත්තු පිළිබඳව විමසා සිටියේය. සුහද හමුව අවසානයේ, යුද්ධ හමුදාධිපතිතුමන් රෙජිමේන්තු සැරයන් මේජර්වරුන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට සිය උණුසුම් සුබ පැතුම් එක් කළ අතර විශ්‍රාම යාමෙන් පසුව ද ඔවුන් රටට බරක් නොවනු ඇතැයි යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය.

නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාමයාමට නියමිත රෙජිමේන්තු සැරයන් මේජර්වරුන්ව යුද්ධ හමුදාධිපති කාර්යාලය වෙත කැඳවා ඔවුන් වෙනුවෙන් දක්වනු ලැබූ ගෞරවය පිළිබඳ සිය කෘතඥතාවය යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ඔවුන් පුද කළ අතර තමන්ට කිසිදා නොසිතු අයුරින් යුද්ධ හමුදාධිපතිතුමන් මුණ ගැසීමට ලැබුණු මෙම ස්වර්ණමය අවස්ථාව සිය ජීවිත කාලය පුරාවටම සදා අමරණීය මතකයක් වනු ඇති බවට ද සඳහන් කළේය.

යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති මෙම සුහද හමුව සඳහා පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර ද එක්විය. latest Running | Entrainement Nike