Header

Sri Lanka Army

Defender of the Nation

09th August 2019 15:30:16 Hours

යුරෝපා සංගමයේ නියෝජිතයින් යාපනය ආඥාපතිතුමන් හමුවෙයි

යුරෝපා සංගමයේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ අංශයේ ප්‍රතිපත්ති නිලධාරි රිකාඩෝ චෙලරි (Riccardo Chelleri) මහතා ඇතුළු එම සංගමයේ නියෝජිත කණ්ඩායමක් ඉකුත් සිකුරාදා (9) දින උතුරු පළාතේ සංචාරයක නිරත වූ අතර එම සංචාරය අතරතුරදී යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙත පැමිණියහ.

ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙත සපැමිණි රිකාඩෝ චෙලරි (Riccardo Chelleri) මහතා ඇතුළු පිරිස යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය විසින් සාදරයෙන් පිළිගනු ලැබීය.

මෙහිදී සංහිඳියාව, විශ්වාසය ගොඩනැගීම, සංවර්ධනය සහ ආරක්‍ෂක තත්ත්වය යන කරුණු කේන්ද්‍රගත කරගනිමින් ඔවුන් සුහද සාකච්ඡාවක නිරත වූහ.short url link | Air Jordan