Header

Sri Lanka Army

Defender of the Nation

09th August 2019 15:20:16 Hours

‘අභිමංසල -1’ හී නේවාසික රණවිරුවන් සමඟ 21 වන සේනාංකයේ නිලධාරින් ද ඇතුළු සියළුම නිලයන් දිනක් කරයි

21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමා ජයපතිරණගේ උපදෙස් පරිදි වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ 21 වන සේනාංක මූලස්ථානයෙහි නිලධාරින් සහ සෙසු නිලයින් පිරිසක් ඉකුත් ඉරිදා (4) දින අනුරාධපුර ‘අභිමංසල - 1’ හි ප්‍රථිකාර ලබමින් සිටින වීරෝධාර රණවිරුවන් බැහැ දැකීම සඳහා පිටත්ව ගියහ.

‘අභිමංසල - 1’ වෙත සපැමිණි නිලධාරින් සහ සෙසු නිලයින් විසින් එම පරිශ්‍රයේ සුවය ලබමින් පසුවන රණවිරුවන් මුණගැසී ඔවුන් වෙත ත්‍යාග පාර්සල් පිරිනැමූ අතර රසවත් දිවා ආහාර වේලක් පිරිනැමීමට ද කටයුතු කළහ. ඉන් අනතුරුව එම රණවිරුවන්ගේ විනෝදාස්වාදය වෙනුවෙන් සංගීත සැඳෑවක් ද පවත්වනු ලැබිණි.

‘හිරු’ රූපවාහිනී නාලිකාවෙහි රනුක රයන් ප්‍රනාන්දු මහතා, ධනංජය නානායක්කාර මහතා මෙන්ම ප්රවීණ රූපලාවන්‍ය ශිල්පිනී සුරංගි කොඩිතුවක්කු මහත්මිය විසින් රණවිරුවන් වෙනුවෙන් පරිත්‍යාග කරන ලද එම ත්‍යාග පාර්සල් වෙනුවෙන් සිය අනුග්‍රාහකත්වය දක්වනු ලැබිණි. එමෙන්ම මෙම වැඩසටහන ‘සියත’ රූපවාහිනී නාලිකාව විසින් ආවරණය කරනු ලැබිණි.

21 වන සේනාංකයෙහි නිලධාරින්, සෙසු නිලයින් මෙන්ම පරිත්‍යාගශීලීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.best Running shoes brand | Air Jordan 1 Retro High OG "UNC Patent Leather" Obsidian/Blue Chill-White UK