Header

Sri Lanka Army

Defender of the Nation

09th August 2019 15:01:16 Hours

දේශිය කර්මාන්තයක් ලෙස මී මැසි පාලනය කිළිනොච්චියේ දී ආරම්භ කරයි

කිළිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් අඩු ආදායම්ලාභි පවුල් සඳහා ස්වයං රැකියා ව්‍යාපෘතියක් ලෙස මී මැසි පාලනය හදුන්වාදීමේ සමාරම්භක උත්සවයක් ඉකුත් සිකුරාදා (2) දින කිළිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මීට ප්‍රථම කිළිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් ආර්ථික වශයෙන් ශක්තිමත් ව්‍යාපෘති ප්‍රචලිත කිරිමේ අරමුණින් තෝරාගත් ප්‍රදේශවල නේවාසික වැඩමුළු සහ පුහුණු සැසි කිහිපයක් පවත්වන ලදි.

සමාරම්භක උත්සවයට සමඟාමීව, 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරුම ගේ අධීක්‍ෂණය යටතේ තවත් දින දෙකක වැඩමුළුවක් ආරම්භ කෙරිණි.

පසුගිය අගෝස්තු මස 1 සහ 2 යන දෙදින තුළ වාරියපොළ කෘෂිකර්ම පාසලේදී මී මැසි පාලනය පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයින් පුහුණුව ලැබු අතර මෙම වැඩමුළුව සඳහා කිළිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57, 65 සහ 66 වන සේනාංකයන්හි එක් නිලධාරීයෙකු සහ සෙසුනිළයින් 25 දෙනෙකු සහභාගි වූහ.

මෙම වැඩමුළුව යුද්ධ හමුදා සාමාජිකයින්ගේ දැනුම වර්ධනය කිරීම සඳහා මෙන්ම මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ප්‍රායෝගික දැනුම ලබාගැනීමට උනන්දුවක් දක්වන සිවිල් වැසියන්ට උපකාර කිරීමේ අරමුණින් පවත්වනු ලබයි.Best Nike Sneakers | Nike