Header

Sri Lanka Army

Defender of the Nation

08th August 2019 17:17:19 Hours

31 වන මාණ්ඩලික රාජකාරි අධ්‍යක්ෂ සිය ධූරයේ රාජකාරි අරඹයි

නව මාණ්ඩලික රාජකාරි අධ්‍යක්ෂ ලෙස බ්‍රිගේඩියර් චන්දන විජේසුන්දර ඉකුත් සිකුරාදා (2) දින සිය කාර්යාලයේ පැවති සරල උත්සවයකදී රාජකාරි ඇරඹීය.

බ්‍රිගේඩියර් චන්දන විජේසුන්දර ආගමික වතාවත්හී නිරතවීමෙන් අනතුරුව සිය කාර්යාලයේදී සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගනු ලැබීය.

ඉන් අනතුරුව, එතුමන් මාණ්ඩලික රාජකාරි අධ්‍යක්ෂ මණ්ඩලයේ නිලධාරීන් සහ සෙසු නිලයින් අමතමින් එතුමන්ගේ රාජකාරි දැක්ම පිළිබඳව පැහැදිලි කළහ. මෙම උත්සවයේ වැඩ කටයුතු සියලුනිල තේ පැන් සංග්‍රහයකින් අවසන් විය.

බ්‍රිගේඩියර් චන්දන විජේසුන්දර සිය ධූරයේ රාජකාරී භාරගැනීමට ප්‍රථම මේජර් ජෙනරාල් එස්.පී. සෙනෙවිරත්න එම ධූරයේ රාජකාරි ඉටු කළහ.Running sports | NIKE