Header

Sri Lanka Army

Defender of the Nation

08th August 2019 13:02:32 Hours

‘පාද යාත්‍රා’ වන්දනාකරුවන්ට ප්‍රණිත ආහාර පාන ලබාදෙයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් අගෝස්තු මස 4 සහ 5 යන දෙදින තුළ කිලිනොච්චි ප්‍රදේශයට පැමිණි ‘පාද යාත්‍රා’ වන්දනාවට සහභාගි වූ බැතිමතුන් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ඉන් අනතුරුව, කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 11 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් ඉකුත් ඉරිදා (4) දින මුලන්කාවිල් මාතා දේවස්ථානය වෙත සපැමිණි එම බැතිමතුන් වෙත ආහාරපාන ලබාදෙනු ලැබීය.

තවද, අගෝස්තු මස 5 වන දින මඩු පල්ලිය දෙසට ගමන් කරමින් සිටි බැතිමතුන්ට 651 වන බලසේනාව යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඔවුන්ගේ ගමනේ වෙහෙස නිවාගැනීම සඳහා පාලියාරු පාලම අසලදී පානීය ජලය ලබාදුන්හ. Buy Kicks | Beyonce Ivy Park x adidas Sleek Super 72 ICY PARK White , Where To Buy , GX2769 , Ietp