Header

Sri Lanka Army

Defender of the Nation

05th August 2019 19:06:53 Hours

අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන් සහ සිවිල් වැසියන් සඳහා සුභසාධන භාණ්ඩ බෙදාදෙයි

රාජගිරියේ පදිංචි නදුන් රාජපක්‍ෂ මහතාගේ අනුග්‍රහය ඇතිව නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 233 වන බලසේනා මුලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ මුලිකත්වයෙන් අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන්ට සහ සිවිල් වැසියන්ට පාසල් උපකරණ, නිළඇදුම් සහ වියළි සලාක පාර්සල් බෙදාදීමේ උත්සවයක් ඉකුත් සිකුරාදා (2) දින මුතුවැල්ල ප්‍රාථමික විද්‍යාලයේ දී පැවැත්විණි.

පරිත්‍යාගශිලී රාජපක්‍ෂ මහතා සහ එම මැතිණිය ඔවුන්ගේ දරුවාගේ උපන්දිනය වෙනුවෙන් සිදුකරනු ලැබූ මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියේ දී සංකේතාත්මකව තෑගි පාර්සල් කිහිපයක් බෙදාදුන් අතර එහිදී, පාසල් සිසුන් 65 දෙනෙකු සහ ඔවුන්ගේ දෙමාපියන් වෙත ත්‍යාග පාර්සල් බෙදාදෙන ලදී.

මෙම ත්‍යාග පාර්සල් බෙදාදීමේ අවස්ථාව සඳහා නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, 233 බලසේනාවේ බලසේනාධිපති, පරිත්‍යාගශීලි නදුන් රාජපක්‍ෂ මහතා සහ එම මැතිණිය සහභාගි වූහ. spy offers | GOLF NIKE SHOES