Header

Sri Lanka Army

Defender of the Nation

04th August 2019 22:43:33 Hours

ලංකා බැංකුවේ කිලිනොච්චි ශාඛාවේ ඉල්ලීමකට අනුව රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් සිය රුධිරය පරිත්‍යාග කරයි

ලංකා බැංකුවේ කිලිනොච්චි ශාඛාවේ මුලිකත්වයෙන් කිලිනොච්චි රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් ඉකුත් බ්‍රහස්පතින්දා (01) දින පවත්වනු ලැබූ රුධිර පරිත්‍යාග වැඩසටහනේ දී නිලධාරීන් 6 දෙනෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 60 දෙනෙකු ස්වේච්ඡාවෙන්ම රුධිර පරිත්‍යාග කරන ලදී.

මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය ලංකා බැංකුවේ 80 වන සංවත්සරයට සමගාමීව දියත් කරන ලද අතර සිවිල් වැසියන් සහ ආරක්‍ෂක හමුදාවේ සාමාජිකයන් අතර සුහදතාවය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මෙම ව්‍යාපෘතිය දියත් කිරීම සඳහා සිය සහයෝගය ලබාදී තිබිණි. Buy Kicks | Nike Shoes, Clothing & Accessories