Header

Sri Lanka Army

Defender of the Nation

02nd August 2019 14:45:01 Hours

යුද්ධ හමුදා භටපිරිස් මහනුවර නගරය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය සඳහා එක්වෙයි

වාර්ෂික ශ්‍රී දළදා පෙරහැර උත්සවය ආරම්භ කිරීමට පෙර මහනුවර නගරය සහ තදාසන්න ප්‍රදේශය පිරිසිදු කිරීමේ අරමුණින් මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් පසුගිය ජූලි මස 28 සහ 29 දිනයන්හි දියත් කරනු ලැබූ විශේෂ වැඩසටහනක් සඳහා මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අනුයුක්තව සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 94 දෙනෙකු සහභාගි වූහ.

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ ගේ උපදෙස් මත 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර, යුද්ධ හමුදා සාමජිකයින් සහ අනෙකුත් සහභාගිවූවන් සමඟ එක්ව ‘පරිසරය පූජනීයයි’ යන තේමාව ඔස්සේ මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය දියත් කරනු ලැබීය.

මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය සඳහා රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, පොලිස් නිලධාරීන්, අමාත්‍යාංශ නිලධාරීන්, මහනගර සභා සේවකයින් ඇතුළු අනෙකුත් ස්වෙච්ඡා සේවකයින් රැසක් සහභාගි වූහ. Best Authentic Sneakers | Jordan Shoes Sale UK