Header

Sri Lanka Army

Defender of the Nation

27th July 2019 17:03:00 Hours

බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති භටපිරිස් අමතයි

බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ඉකුත් බදාදා (24) දින පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස් අමතනු ලැබීය.

මෙම අවස්ථාවට බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා සහ ඒකකයන්හි සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයින් 1000 කට අධික පිරිසක් සහභාගි වූහ.

මෙම දේශනය අතරතුර දී, වෘත්තියේ ගෞරවය රැකෙන ලෙසත්, විනය ඉහළ මට්ටමක පවත්වා ගනිමින් යුද්ධ හමුදාවේ යහපත උදෙසා කටයුතු කරන ලෙසත් ආඥාපතිතුමන් සියලුම යුද්ධ හමුදා සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටියේය. Asics shoes | nike fashion