Header

Sri Lanka Army

Defender of the Nation

27th July 2019 17:01:41 Hours

23 වන පාබල සේනාංකයේ 22 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 23 වන පාබල සේනාංකයේ 22 වන සංවත්සරය ඉකුත් අඟහරුවාදා (23) දිනට යෙදි තිබුණු අතර ඊට සමගාමීව සැමරුම් උත්සව මාලාවක් ජූලි මස 20 සිට 23 දක්වා දිනයන්හි පැවැත්විණි.

23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කපිල උදළුපොළ ගේ උපදෙස් මත සංවත්සර උත්සව මාලාව පවත්වනු ලැබීය.

සංවත්සරයට සමගාමීව, ඉකුත් සෙනසුරාදා (20) දින සෝමාවතී විහාරස්ථාන පරිශ්රයේ දී කප්රුක් පූජාවක් සහ බෝධිපූජා පිංකමක් සංවිධානය කරන ලදී. ඉකුත් අඟහරුවාදා (23) දිනට යෙදි තිබුණු සංවත්සර දිනයේ දී, සේනාංකාධිපතිතුමන් වෙත හමුදා සම්ප්රදායානුකූල කඳවුරු සම්මාන මුරයේ සහ සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පිරිනමනු ලැබීය.

තවද සංවත්සරයට සමගාමීව, කදිරවේලි ප්රදේශයේ පිහිටි තිලකවතී කාන්තා ළමා නිවාසයේ දරුවන් වෙත ප්රනීත දිවා ආහාරවේලක් ලබාදුන්හ.

සංවත්සර උත්සවය අවසානයේ, සේනාංක මූලස්ථානයේ පැවති සියලු නිල දිවා භෝජන සංග්රහයකින් අනතුරුව සමුහ ඡායාරූපයක් වෙනුවෙන් ද සියලුදෙනා එක්විය.Nike footwear | Sneakers