27th July 2019 17:03:30 Hours
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානයක ගේ උපදෙස් මත ‘රජයේ ටෙන්ඩර් පටිපාටිය සහ යුද්ධ හමුදා ලංසු ලේඛනය’ පිළිබඳ දැනුවත් කිරීමේ එක්දින සම්මන්ත්‍රණයක් ඉකුත් සිකුරාදා (26) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
යුද්ධ හමුදා මුලස්ථානයේ උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් එච්.ජි.අයි. විද්‍යානන්ද ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම එක්දින සම්මන්ත්‍රණය සඳහා යුද්ධ හමුදා මුලස්ථානයේ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් එච්.ආර්.කේ.පී. පීරිස්, යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ජි.කේ. වන්නිආරච්චි සහ නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරී බ්‍රිගේඩියර් එම්.ආර්. වන්නිආරච්චි යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගි වූහ.
මෙම සම්මන්ත්‍රණයේ දී, බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ජී.ඩී. වන්නිආරච්චි පිළිගැනීමේ දේශනය සිදුකළ අතර මේජර් ජෙනරාල් එච්.ආර්.කේ.පී පීරිස් ආරම්භක දේශන සිදුකරමින් රජයේ ටෙන්ඩර් ක්‍රියාපටිපාටියේ වැදගත්කම යුද්ධ හමුදාවට පැහැදිලි කළේය.
‘ප්‍රසම්පාදන කමිටු වර්ග හා ඇගයීම් කමිටු මෙන්ම ප්‍රසම්පාදන ක්‍රම සහ ලංසු ක්‍රම’ පිළිබඳ අවධානය යොමුකරමින් පැවැති මෙම සම්මන්ත්‍රණය සඳහා යුද්ධ හමුදා නිලධාරීන් 84 දෙනෙකු සහභාගි වූහ. ත්‍රිකුණාමලයේ පිහිටි යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලය විසින් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කරන ලදී. Nike air jordan Sneakers | Women's Nike Air Max 270 React trainers - Latest Releases , youth boys nike sunray sandals clearance outlet