Header

Sri Lanka Army

Defender of the Nation

27th July 2019 17:02:41 Hours

2019 වසරේ මුලතිව් නවෝත්පාදකයින් තෝරාගනියි

මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරනු ලබන වාර්ෂික ‘නවෝත්පාද ප්‍රදර්ශනය - 2019’ ඉකුත් බ්‍රහස්පතින්දා (25) දින නන්දිකඩාල් පිහිටි එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ දී පැවැත්විණි.

මූලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ උපදෙස් මත සංවිධානය කරනු ලැබූ මෙම නවෝත්පාදන ප්‍රදර්ශනය සඳහා එම ආරක්‍ෂක සේනා බලප්‍රදේශයේ ස්ථාපිත සියලුම සේනාංක, බලසේනා සහ ඉදිරි නඩත්තු පෙදෙස නියෝජනය කරමින් නවෝත්පාදකයින් 30 දෙනෙකු නිර්මාණ ඉදිරිපත් කරන ලදී.

මෙම නවෝත්පාදන ප්‍රදර්ශනයේ තේරීම් කමිටුව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පර්යේෂණ විශ්ලේෂණ යෝජනා හා සංවර්ධන ශාඛාවේ කර්නල් එස්.ඩි. උදයසේන, යාපනය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පුබාලසුන්දරම් සහ යාපනය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පී. සෂිකේශ් යන මහත්වරුන් ඇතුළත් විය.

නවෝත්පාදන ප්‍රදර්ශනයේ ජයග්‍රාහකයින් වෙත ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මූලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති සහභාගි වූ අතර සේනාංකාධිපතිවරුන්, ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති, යුද්ධ හමුදා පර්යේෂණ විශ්ලේෂණ යෝජනා හා සංවර්ධන ශාඛාවේ අධ්‍යක්‍ෂ, ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.

නවෝත්පාදන තරඟාවලියේ දී තෝරාගත් ජයග්‍රාහකයින් වෙත මුදල් ත්‍යාග ඇතුළු වටිනා ත්‍යාග ප්‍රදානය කළ අතර ජයග්‍රාහකයින් පහතින් දැක්වේ.

පළමු ස්ථානය - ස්වයංක්‍රීයව හැකිලෙන යතුරුපැදි රඳවනය (Modified automatic side stand for motorbike rider safety) නිර්මාණය කළ 1 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සැරයන් පී.ඩබ්ලිව්.සී. පතිරණ.

දෙවන ස්ථානය - පදික සුදු සැරයටිය (Efficient safe white cane for the blind) නිර්මාණය කළ 641 වන බලසේනාවේ මේජර් එම්.පී.එස්. කුමාර.

තෙවන ස්ථානය - ආරක්‍ෂක පද්ධතියක් සහිත සේප්පුව (Security system for multi-purpose safety locker) නිර්මාණය කළ 12 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ කෝප්‍රල් ඕ.එම්.අයි. රුවන් කුමාර. latest Running | Nike React Element 87