Header

Sri Lanka Army

Defender of the Nation

27th July 2019 16:57:59 Hours

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති 52 වන සේනාංකයේ සංචාරයක

මෑතකදී රාජකාරී භාරගත් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ඉකුත් බදාදා (24) දින 52 වන සේනාංක මූලස්ථානයේ සංචාරයක නිරත විය.

52 වන සේනාංකය වෙත සපැමිණි නව ආඥාපතිතුමන්ව, එම සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් එස්.එස්. වඩුගේ විසින් උණුසුම් අයුරින් පිළිගැනිමෙන් අනතුරුව, හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරිනමනු ලැබීය. ඉන් අනතුරුව, 52 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් එම සේනාංකයේ කාර්යභාර්ය සහ වගකීම් පිළිබඳ ආඥාපතිතුමන්ට සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කරන ලදී.

අනතුරුව, යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් භටපිරිස් ඇමතූ අතර මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ මාණ්ඩලික නිලධාරීන් රැසක් සහභාගි වූහ. jordan Sneakers | UK Trainer News & Releases