Header

Sri Lanka Army

Defender of the Nation

27th July 2019 16:56:08 Hours

551 වන බලෙස්නාවේ 19 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයට අයත් 551 වන බලෙස්නාවේ 19 වන සංවත්සරය ඉකුත් සිකුරාදා (19) දින අභිමානවත් අයුරින් සමරනු ලැබීය.

අලිමංකඩ රණවිරු ස්මාරකය අභියසදී රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් ඉකුත් බදාදා (18) දින සංවත්සර උත්සවය ආරම්භ කෙරිණි.

සංවත්සර දිනයේදී, 551 වන බලෙස්නාවේ බලෙස්නාධිපති බ්රිගේඩියර් අසංග පෙරේරා වෙත 4 වන ශ්රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 16 වන (ස්වෙච්ඡා) ශ්රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් හමුදා සම්ප්රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරීනමනු ලැබීය. ඉන් අනතුරුව, සංවත්සර දිනය සනිටුහන් කරමින් බලසේනාධිපති තුමන් කඳවුරු පරිශ්රයේ පැළයක් රෝපණය කරනු ලැබීය.

එමෙන්ම, සංවත්සරයට සමගාමීව ඉකුත් බ්රහස්පතින්දා (19) දින සන්ධ්යාවේ සර්ව රාත්රික පිරිත් සජ්ඣායනාවක් පැවැත් වූ අතර පසුදින උදෑසන මහා සංඝරත්නය විෂයෙහිලා හීල් දානය පිළිගන්වනු ලැබීය. තවද, බලෙස්නාවට සහ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ට ආශිර්වාද එක්කරමින් පේදුරුතුඩුවේ පිහිටි ශාන්ත තෝමස් දේවස්ථානයේ දී කතෝලික දේවමෙහෙයක් පැවැත්වූ අතර පේදුරුතුඩුවේ පිහිටි පූල්ලයාර් කෝවිලේ දී විශේෂ හින්දු පූජාවක් සහ පේදුරුතුඩුවේ පිහිටි මොහිදින් ජූම්මා මුස්ලිම් පල්ලියේ දී ඉස්ලාම් දේවමෙහෙයක් ද පැවැත්විණි.

සංවත්සර උත්සවය අවසානයේ, මානතිකායි මුලික රෝහලේ සහයෝගය ඇතිව ඉකුත් බදාදා (21) දින රුධිර පරිත්යාග වැඩසටහනක් දියත් කළ අතර එම වැඩසටහනේදී රුධිර පරිත්යාගශීලින් 60 දෙනෙකුට අධික පිරිසක් රුධිරය පරිත්යාග කළහ. latest Nike Sneakers | adidas Yeezy Boost 700 , promo code for adidas shoes india delhi today