Header

Sri Lanka Army

Defender of the Nation

27th July 2019 14:43:51 Hours

ඔයාමඩු ප්‍රදේශයේ ඉදිකල නව නිවස යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානීගේ සුරතින් විවෘත කරයි

‘සිරස නිවාස’ පළමු මානුෂිය ව්‍යාපෘතිය යටතේ ඔයාමඩු ප්‍රදේශයේ පදිංචි රවින්ද්‍ර සාරක සමරතුංග මහතා වෙනුවෙන් අභිනවයෙන් ඉදිකල නිවස, කැපිටල් මහරාජා සමුහ ව්‍යාපාරයේ විද්‍යුත් මාධ්‍ය අධ්‍යක්‍ෂීකා නීද්‍රා වීරසිංහ මහත්මිය සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරීයේ සභාපති සාගර පලන්සුරිය මහතා විසින් කරන ලද ආරාධනයකට අනුව සපැමිණි යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මෙන්ම ගජබා රෙජිමේන්තුවේ සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් ඉකුත් සිකුරාදා (26) දින විවෘත කරන ලදී.

ග්‍රාමීය ප්‍රදේශවල අඩු ආදායම්ලාභි පවුල්වලට ස්ථිර නිවාස ලබාදීමේ අරමුණින් දියත් කරන ලද මෙම ව්‍යාපෘතිය යටතේ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සම්බන්ධීකරණයෙන් රවින්ද්‍ර සාරක සමරතුංග මහතා වෙනුවෙන් මෙම නිවස ඉදිකිරීම සඳහා අවශ්‍ය කටයුතු කැපිටල් මහරාජා සමූහ ව්‍යාපාරය විසින් ආරම්භ කරන ලදී.

මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියට සහයෝගය දක්වමින් ගජබා රෙජිමේන්තු භට පිරිස් ඉදිකිරීම් කටයුතු සඳහා ඉංජිනේරු තාක්‍ෂණය සහ ශ්‍රම දායකත්වය ලබාදුන්හ.

කැපිටල් මහරාජා සමුහ ව්‍යාපාරයේ සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමඟින් ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් මහින්ද රාජපක්‍ෂ සහ ප්‍රතිලාභි රවින්ද්‍ර සාරක සමරතුංග මහතා ඇතුළු පවුලේ සාමාජිකයින් විසින් මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව, ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මකව පීත්ත පටිය කපා අභිනවයෙන් ඉදිකරන ලද නිවස විවෘත කරන ලදී.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ගජබා රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජිවා නෙල්සන් මහත්මිය සමඟ එක්ව නිවාසලාභින්ට සුභ පැතුම් එක්කරමින් ත්‍යාග පාර්සලයක් ද ප්‍රදානය කළේය.

ඉන් අනතුරුව, එදින (26) මධ්‍යහනයේ, මාණ්ඩලික ප්‍රධානී තුමන් ගජබා රෙජිමේන්තු භටපිරිස් සමඟ එක්ව සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී ‘තුරු සිරස’ නම් රුක් රෝපණ වැඩසටහනක් ද දියත් කරනු ලැබීය.

යුද්ධ හමුදාව විසින් දියත් කරනු ලබන ‘තුරුලිය වෙනුවෙන් අපි’ ව්‍යාපෘතියට සමගාමීව මෙම වැඩසටහන යටතේ ගජබා රෙජිමේන්තු පරිශ්‍රයේ පැළ 1000 කට අධික ප්‍රමාණයක් රෝපණය කරන ලදී. Best jordan Sneakers | Nike Running